රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් දාලා ඉස්සුවේ පාතාල සාමාජිකයන් - ප්‍රසන්න රණතුංග

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් දාලා ඉස්සුවේ පාතාල සාමාජිකයන් - ප්‍රසන්න රණතුංග

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් යොදාගෙන පැහැර ගැනීම් සිදුකළ බව එම රජයේ අමාත්‍යවරයෙකුව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වර්තමාන රජය බලයට පත්වන විටම පාතාලය ආරම්භ වූ බවත් රාජපක්ෂ පාලනය යටතේ සුදුවෑන් යොදාගෙන පාතාලය මර්ධනය කර තිබූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ මර්ධනය කරන විට මානව හිමිකම් ආරක්ෂා කිරීම යටතේ පෙනී සිටිමින් පාතාලය ආරක්ෂා කළේත වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් බව ද ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.

එසේම මේ වනවිට එල්ලා විනාශ කිරීමට උත්සාහ කරන පාතාලය එදා සුදුවෑන් යොදාගෙන විනාශ කළ බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න