පාර්ලිමේන්තු කළහයේ වාර්තාව : 20 වනදා පාර්ලිමේන්තුවට !

පාර්ලිමේන්තු කළහයේ වාර්තාව : 20 වනදා පාර්ලිමේන්තුවට !

සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දියත්වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය ලබාදුන් පාර්ශව විසින් එම වසරේ නොවැම්බර් 15, 16, 17 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ ඇති කළ කළහය සම්බන්ධව සකස් කර ඇති විමර්ශන වාර්තාව ලබන 20 වැනිදා සභාගත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ද මේ බව තහවුරු කරන අතර සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මාසයේ දේශපාලන කුමන්ත්‍රණකාරී වාතාවරණය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කළහකාරී ලෙස හැසිරීම සහ පොදුදේපළ විනාශ කිරීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් කතානායකවරයා විසින් පත් කළ අතර එම කමිටුවේ වාර්තාව නියෝජය කතානායක ආනන්ද කුමාරසිරි හා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක දෙමළ සන්ධනයේ මන්ත්‍රී මාවේ සේනාධිරාජා යන මහත්වරු විසින් කතානායකවරයා වෙත භාරදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න