ඔපරේෂන් බීඩි කොළ : newstube.lk අනාවරණය වැඩ කරයි !

ඔපරේෂන් බීඩි කොළ : newstube.lk අනාවරණය වැඩ කරයි !

ටොන් 12ක බීඩි කොළ තොගයක් බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කරගැනීමට යාමේදී අත්අඩංගුවට පත් සිද්ධියට අදාලව සහකාර රේගු අධිකාරීවරයෙකු සහ රේගු පරීක්ෂකවරයෙකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ (18) කරුණු දක්වා තිබේ.

සිද්ධියට අදාලව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයක තොරතුරු අනුව අදාල සහකාර රේගු අධිකාරීවරයා සහ රේගු පරීක්ෂකවරයා සම්බන්ධව අනාවරණය වූ බවත් ඒ අනුව රේගු පාලනාධිකාරිය ඉහත තීරණය ගනුලැබූ බවත් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු අනාවරණය කර තිබේ.

රේගු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වැනිදා මෙම බීඩිකොළ තොගය රේගු අත්අඩංගුවට පත්වූ අතර ඉන් රටට අහිමිවීමට ගිය බදු ආදායම රුපියල් කෝටි 4කට ආසන්නය.

සංස්කාරක සටහන :

මෙම විමර්ශන රේගුවේ සිටින දූෂිත නිලධාරීන් වෙතින් වෙනතකට යොමුවීමට යාමේදී newstube.lk වෙබ් අඩවිය ඒ සම්බන්ධව ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකරනු ලැබිණ.

එසේම එම අනාවරණය සමඟ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ චාල්ස් මහත්මියට දැනුම්දෙනු ලැබුවේ අදාළ සිදුවීම සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසය.

ඒ අනුව අදාල රේගු බදු වංචාවට සම්බන්ධ රේගු නිලධාරීන් මේ වන විට හඳුනාගෙන ඇති අතර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ස්ථාන මාරුවට වසංවී ගහන්න ගිය රේගු ගේමක් අතේ පත්තුවී තිබේ.

සැබවින්ම මේ නිසි ක්‍රියාත්මකවීම සම්බන්ධව අප මේ මොහොතේ අමාත්‍යාංශයට මෙන්ම රේගුවේ වගකිව යුතු පාර්ශව වෙත ස්තුතිය පුදකරන්නේ රැල්ලට යමින් "බුදු අම්මෝ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මාරු කරනෝ .. රේගුව ඉවරෝ" යන මාධ්‍ය සටන් පාඨය වෙනුවට රේගුව වැනසෙන රටේ ජාතික ආදායමට විනකටින සැබෑ බහිරවයන් අනාවරණය කර දැක්වූ විට ඊට සංවේදී වූ නිසාය.

මේ ආශ්‍රිත තවත් තොරතුරු අප වෙත ලැබෙමින් ඇති අතර ඒවාද තහවුරු කරගැනීමෙන් පසුව තවදුරටත් අනාවරණය කරන බවද මෙහිදී දන්වා සිටිමු.

චාල්ස් මහත්මියට වහං වෙන්න යන : රේගුවේ ඔපරේෂන් බීඩි කොළ !

කෙසේ වුවත් ඉහත අනාවරණය මංගල අමාත්‍යවරයා වෙනුවෙන් අප විසින් ගොතන ලද්දක් බවට චෝදනා කළ පාර්ශවද සිටි බව අපට මතකය. එසේ පටු මිම්මකින් අප ගැන චරිත සහතික ලබාදුන් පාර්ශවයන්ට අප දන්වන්නේ මහත්වරුනි, කොතරම් අවලාද නැගුවත් අපේ නිවැරදි බව අප සතු එකම අවිය වන අතර ඒ විශ්වාසය අපට ඇති තුරු ඔබ අපට දෙන සහතිකය හැරෙන තැපෑලෙන් ඔබට ලැබෙන බව පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න