ආනයනික පිටි කිරිවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ - සෞඛ්‍ය අමාත්‍යංශය

ආනයනික පිටි කිරිවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ - සෞඛ්‍ය අමාත්‍යංශය

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

මෙරට ආනයනය කරන සියලුම කිරිපිටි වරායේ දී සාම්පල පරික්ෂාවකට ලක් කරන අතර පසුව නැවත රසායනාගාර පරීක්ෂාවකටත් එම කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙක් ආනයනය කරන රටවලින් සහතිකයකුත් ලබා ගන්නා බවද එම විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවැත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එසේ සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වු රාජිත සේනාරත්න මහතා කීවේ කිරිපිටි ප්‍රශ්නය විද්‍යාත්මක එකක් මිස දේශපාලන ප්‍රශ්නයක් නොවන බවයි.

ජනාධිපතිවරයා කිරිපිටි ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බවද එහිදී ඇමැතිවරයා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න