උතුරේ සිට ඉන්දියාව දක්වා භාණ්ඩ හා මගී ප්‍රවාහනයට සැලසුම් !

උතුරේ සිට ඉන්දියාව දක්වා භාණ්ඩ හා මගී ප්‍රවාහනයට සැලසුම් !

කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරායන් දක්වා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ඇරඹීමේ මූලික කාර්යයන් මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව කන්කසන්තුරේ වරාය නවීකරණ කටයුතු සඳහා මූලික අදියරේ කටයුතු මේ වනවිට ආරම්භව ඇති අතර, තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස්කිරීමට නියමිතය.

කන්කසන්තුරේ වරාය නවීකරණයේදී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර, වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167ක් දිගැති, මීටර 22ක් පළලැති නව ජැටියක්ද ඉදිකෙරෙනු ඇත. එහිදී දිය කඩනයද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. ඒ අනුව මෙම කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ප්‍රතිපාදන ලැබෙනු ඇත.

කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක්ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිත අතර, කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරලීමේ සැලසුම්ද සංචාරක අමාත්‍යාංශය විසින් සකස් කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න