සිරිසේනගේ ජනාධිපති අපේක්ෂකත්වය අවධානමේ !

සිරිසේනගේ ජනාධිපති අපේක්ෂකත්වය අවධානමේ !

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ එජාපයේ ජය ප්‍රාර්ථනා කරන අයෙක් යැයි ද ඔහු සඳහන් කරයි.

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා තිබිණ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ලෙසට පොහොට්ටු සහ නිදහස් පක්ෂය අතර යෝජිත සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපති සිරිසේන වෙත ලබාදිය යුතු බවට නිදහස් පක්ෂය සිදුකරන ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීමක් මෙහිදී සිදුව ඇත.

එසේම පසුගියදා ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් අවධාරණය කර තිබුනේ, මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහතික නොවුහොත් එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සිදු නොවනු ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න