ජාතික පොලිස් කොමිසමේ සභාපති ලෙස තිලක් කොල්ලුරේ පත්වේ !

ජාතික පොලිස් කොමිසමේ සභාපති ලෙස තිලක් කොල්ලුරේ පත්වේ !

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරියකු වන තිලක් කොල්ලුරේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නම්කර තිබේ.

ඊට අමතරව ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ගාමිණී නවරත්න, අශෝක විජේතිලක ඇතුළු තිදෙනකු ද පත්කර ඇත. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද අනුමැතිය ලැබී ඇතැයි ව්‍යවස්ථා සභා ආරංචි මාර්ග අනුවාරණය කළේය.

වත්මන් ජාතික පොලිස් කොමිසම 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබුවේ 2015 නොවැම්බර් 14වෙනි දාය. වසර 3ක එහි සේවා කාලය 2018 නොවැම්බර් 14වෙනි දායින් අවසන් විය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව සාමාජිකයින් පත්කරන තුරු පවතින කොමිසම අක්‍රීය නොවනු ඇත. ඒ අනුව එතෙක් සිටි සාමාජිකයෝ මෙතෙක් කලක් එහි සේවය කළහ.

ඒ අනුව මෙතෙක් කලක් කොමිසමේ සභාපතිවරයා ලෙස සේවය කරනු ලැබුවේ පී.එච්.මනතුංග මහතාය. ඔහුත් සමග කොමිසමේ මෙතෙක් කලක් සේවයේ නිරතව සිටි හිටපු පොලිස්පතිවරයෙක් වන ෆෑන්ක්ද සිල්වා, ඇන්ටන් ජෙගනාදන් යන සාමාජිකයන්ද ව්‍යවස්ථා සභාව විසින් ඉවත්කර තිබේ. නව සභාපතිවරයෙක් ඇතුළු සාමාජිකයන් තිදෙනෙක් නම් කර ඇත්තේ එම පුරප්පාඩුව පුරවමිණි.

නව සභාපති තිලක් කොල්ලුරේ මහතා කොමිසමේ මෙතෙක් කලක් සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටියේය. ඊට අමතරව මහාචාර්ය සිරී හෙට්ටිගේ, සාවිත්‍රි විජේසේකර, වයි.එම්. එල්. තවාහීර් යන සාමාජිකයන්ගේද සේවා කාලය තවත් වසර තුනකට දීර්ඝ කර ඇත. ජාතික පොලිස් කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් 7දෙනෙක් සේවයේ නිරතව සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න