කුඩුගහන ඇමැතිවරු හොයන්න විශේෂ කමිටුවක්

කුඩුගහන ඇමැතිවරු හොයන්න විශේෂ කමිටුවක්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ කමිටුවක් පත් කළේය.

සභානායක රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් යුතු මෙම කමිටුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, නීතිඥ නිශ්ශංක නානයක්කාර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) රැස්වූ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර තිබේ.

කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටින බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය රංජන් රාමනායක මහතා ඉකුත් දා කළ ප්‍රකාශයක් නිසා මහත් ආන්දෝලනයක් ඇතිවිය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ වාර්තාව එක්සත් ජාතීක පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට බාරදීමට නියමිතව ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න