පොහොට්ටුව හමුවේ ශ්‍රීලනිපය දනගසයි !

පොහොට්ටුව හමුවේ ශ්‍රීලනිපය දනගසයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී "පොහොට්ටුව" ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පොහොට්ටු පාර්ශවය ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියකට යටත්ව ඒ සමඟ සන්ධාන ගතවීමට සහ ඉදිරියේදී එක්ව කටයුතු කිරීමටද ඒ අනුව තීන්දු කර ඇති බවත් ජනාධිපති සිරිසේන ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සිදුකල සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

එසේම ශ්‍රීලනිපය මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂය තනිව තරග කළහොත් අන්ත පරාජයකට ලක්වීමේ අවධානම සැලකිල්ලට ගෙන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටියි.

ඩිලාන්ගේ මාධ්‍ය හමුව !

මේ අතර ඊයේ (21) පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීද එම පුවත සනාථ වන ආකාරයේ කරුණු දැක්වීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විසින්ද සිදුකරනු ලැබිණ.

එහිදී මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

බැසිල්ගේ ප්‍රකාශය !

කෙසේ වුවත් මීට පෙර පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමක් සිදුවුවත් නොවුවත් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාව තම පක්ෂයට ඇති බවය.

එසේම පසුගියදා පොදුජන පෙරමුණ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එහි අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයන් දැඩිව අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂය සමඟ සන්ධානගත වීමට ඒමේදී ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින ආකාරයේ කොන්දේසි ඉදිරිපත් නොකළ යුතු බවය.

මේ බව සිහිපත් කරමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ සිරිසේන ජනාධිපති පක්ෂ නායකයකු ලෙස හෝ දේශපාලන සංවිධායකයකු ලෙස දුර්වලවීම හමුවේ මේ ආකාරයට කොන්දිසි විරහිතව පක්ෂය යටත් වීමට ඉඩදීමට සිදුව ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න