රටට වාසිදායක ලෙස අරමුදල් ගන්නේ කොහොමද : ඇමති මංගල පහදයි !

රටට වාසිදායක ලෙස අරමුදල් ගන්නේ කොහොමද : ඇමති මංගල පහදයි !

ගෝලීය මූල්‍ය වෙළෙඳපොළින් රටට වාසිදායක අයුරින් අරමුදල් ලබාගැනීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අමෙරිකානු වාණිජ මණ්ඩලය සංවිධානය කළ අය-වැය පිළිබඳ කතිකාවේ එක් සම්මන්ත්‍රණයක් ඊයේ (21) උදේ ගලධාරි හෝටලයේ පැවැති අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

වසර 2019 රටට විශාලතම ණය සේවාකරණය සිදුකරන්නට සිදුවී තිබෙනවා. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් අප ගෙවිය යුතුයි.

අපි රටේ දැවැන්ත යටිතල පහසුකම් ජාලයක් සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ සඳහා ඩොලර් බිලියන 03ක මුදලක් ලබා ගැනීමට සූදානම්. අපි අලුතින් ආරම්භ කළ ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ පොලී සහන වැඩපිළිවෙළ වේගවත් කරනවා. ඒ තුළින් ග්‍රාමීය අංශයේත්, නව ව්‍යවසායක අංශයේත් විශාල ඉදිරි සංවර්ධන පිම්මක් ඇති වෙනවා.

රජයේ ආදායම් වැඩිකර ගන්නා අයුරින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අප හඳුන්වාදී තිබෙනවා. තවත් ප්‍රතිසංස්කරණ සිදුකොට වඩාත් යහපත්, විනිවිදභාවයෙන් යුතු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ මේ දිනවල සාකච්ඡා කරනවා. අපට ලැබෙන්නට තිබූ ණය වාරික දිනා ගැනීම සහ ඔවුන්ගේ සහාය ලබාගැනීමට අප කටයුතු කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න