තරුණයන් දෙදෙනා පැහැරගැනීම : SI කෙනෙකුත් සැකපිට අත්අඩංගුවේ !

තරුණයන් දෙදෙනා පැහැරගැනීම : SI කෙනෙකුත් සැකපිට අත්අඩංගුවේ !

රත්ගම, බුස්ස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීයට අදාළ තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊට අනුව මෙම සිදුවීම සම්බන්ධව විමර්ශන සිදුකරන අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂක වරයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි මස 18 වන දින අත්අංඩංගුවට ගනු ලැබීය.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන් වි අදට දින 30 ක් ගත වී තිබේ.

බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණි.

නිවැසියන් පවසන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් මෙලෙස ඔවුන්ව රැගෙන ගිය බවයි. ඒ රසේන් චින්තක, මංජුල අසේලගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදීය.

මේ අතර පුද්ගලයින්ගේ ඥාතීන්ට පසුගිය 6 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබූ අතර, එහි සඳහන්ව ඇත්තේ නූපේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පැහැර ගොස් පහර දී ඇති අතර එහිදී ඔවුන් ඝාතනයට ලක්ව ඇති බවයි. අදාළ ලිපිය පිළිබඳ ඥාතීන් පොලිස් ස්ථාන කිහිපයකටම මෙන්ම පොලිස් මූලස්ථානයටද දැනුම් දි තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න