කොකේන් කමිටුව ස්වාධීන නෑ : රන්ජන් ගෙන් අලුත් චෝදනාවක් !

කොකේන් කමිටුව ස්වාධීන නෑ : රන්ජන් ගෙන් අලුත් චෝදනාවක් !

කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිටීද යන්න සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුව සම්බන්ධව තමන්ට විශ්වාසයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

අද (22) එම කමිටුව ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු මේ බව සදහන් කල අතර තමන් විවේචනය කලේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිස් ද ඇතුලත්ව බවත් එහෙත් ඒ ගැන විමර්ශන කරන කමිටුව ද එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ බැවින් එය ස්වාධීන නොවන බවද පැවසීය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ මේ සදහා ස්වාධීන කමිටුවක් පත්කල යුතු බවය.

එම ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව තමන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න ගැන තහවුරු කරගැනීමේ රුධිර පරීක්‍ෂාවක් කරගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලට ගිය රන්ජන් රාමනායක මහතා ඒ සඳහා රුධිර සහ මුත‍්‍රා සාම්පලයක් ද ලබාදුන්නේය.

මෙම පරීක්‍ෂණය මගින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය 11 ක් ගත වූ මාස තුනක් තුළ භාවිතා කර ඇත්ද යන්න තහවුරු කරගත හැකි බව රන්ජන් රාමනායක මහතා කීවේය.

කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරු සිටින බවට රන්ජන් රාමනායක මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (20) දිනයේදී මෙම කමිටුව පත් කළේය.

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, නීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

එම කමිටුව විසින් සකස් කරන වාර්තාව අනිද්දා (25) දිනයේදී අගමැතිවරයාට බාරදීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න