රත්තරංගේ ඉල්ලා අස්වීම ඇන්දිල්ලක් !

රත්තරංගේ ඉල්ලා අස්වීම ඇන්දිල්ලක් !

තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දකුණු  පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර පැවසූවද එය ජනතාව මුලාකිරීමේ නින්දිත උත්සාහයක් බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට දකුණු පළාත් සභාවේ කාලය එලැඹෙන අප්‍රේල් මාසයෙන් අවසන් වන අතර ඒ හමුවේ මන්ත්‍රීවරයා ට අමුතුවෙන් ඉල්ලා අස්වීමට තරම් කාලයක් නොමැත.

ඒ හමුවේ තමනට විරුද්ධ අධිකරණයේ ඇති එම නඩුව අවසන් වූ පසු නැවත දේශපාලනයට පැමිණෙන බව සිය නිවසේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සත්භාවයෙන් නොව මන්ත්‍රීවරයාගේ අමානුෂික අපරාධය හේතුවෙන් පොහොට්ටු පාර්ශවයට එල්ලවන ජනතා අප්‍රසාදය සමනය කරගන්න බවද අප ආරංචි මාර්ග සදහන් කරයි.

දේවාලයක කපු මහකතකුද වන මන්ත‍්‍රීවරයා දේවාලය තුලදී දැරියක් අපහරණයට ලක් කලේ යයි දැනට දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

එම ඇප නියමවීම ගැන ද සමාජයේ බරපතල විරෝධයක් මතුවූ අතර ඒ මෙතරම් සාපරාධි ක්‍රියාවක් හමුවේ පොලිසියේ තිබූ සැකසහිත ඇල්මැරුනු හැසිරීම ය. එහිදි පොලිසිය වෙත රටේ ඉහළම තැනකින් බලපෑම් එල්ලවු බවටත් මාධ්‍ය වාර්තා පලවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න