මංගල - සිරස හාදකම් : තවත් ගේමක ඇරඹුමක් ?

මංගල - සිරස හාදකම් : තවත් ගේමක ඇරඹුමක් ?
මුදල් අමාත්‍ය මංගල සමරවීර  2019 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව සිය පළමු සම්මුඛ සාකච්ඡාව සිරස රූපවාහිනීයට ලබාදී ඇති අතර එය අද (18) රාත්‍රී 10:30 ට විකාශය වෙයි.
 
මීට අදාල පූර්ව ප්‍රචාරක පටයක් ඊයේ (17)  දිනය පුරා සිරස රූපවාහිනිය විසින් ප්‍රචාරය කරනු ලැබිණ.
 
මුදල් අමාත්‍යවරයකු අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාල මාධ්‍ය සාකච්ඡාවක් සදහා සහභාගී වීම සාමාන්‍ය කරුණක් වුවත් මේ මොහොතේ සමරවීර අමාත්‍යවරයා ඒ සදහා සිරස මාධ්‍ය ජාලය ට අවස්ථාව ලබාදීම අවධානය යොමුකළ යුත්තක් බව දේශපාලන විචාරක මතය වී තිබේ.
 
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය සමයේ සිරස මාධ්‍ය ජාලය සහ අමාත්‍යවරයා අතර පැවතියේ පසමිතුරු සම්බන්ධයක් බවත් එය ක්ෂණික හැරවුමක් හරහා සම්මුඛවීමක් බවට පත්වීම දේශපාලන ක්ශේත්‍රයේ "තවත් ගේමක්" ගැන පූර්ව උපකල්පනයක් තබා ගැනීම වැදගත් බවය.
 
එසේම පසුගිය සමයේ මංගල සමරවීර අමාත්‍යවරයා සිය දේශපාලන දිවියේ 30 වසර සැමරීම සහ එහි වු ප්‍රධාන ආරාධිත අමුත්තන් ගැන ද දේශපාලන ක්ශේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව තිබිණ.
 
මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා සහ සිරස රූපවාහිනිය අතර සම්මුඛ සාකච්ඡාවේ පූර්ව ප්‍රචාරක පටය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න