ගාල්ලට නිවාස 25000ක් සූදානම් !

ගාල්ලට නිවාස 25000ක් සූදානම් !

ආණ්ඩුවේ කිසිදු මුදලක් නොමැතිව ගාල්ල දිස්ත්‍රික්කය තුළ එකවර නිවාස 25,000ක් ඉදි කිරිම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කොට ඇති  බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව  ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන පවසයි.

රුපියල් ලක්ෂ 20ක වියදමක් දරා අක්මිමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් නුගදුව ග්‍රාම නිලධාරි වසමේ ඉදිකළ  නිල සෙවණ කාර්යාලය ඊයේ (17) විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස  28,000ක් තියෙනවා .ජනගහනය ලක්ෂ 13ක්  ඉන්නවා. නිවාස නැති අය 40,000ක් ඉන්නවා. මේ  ප්‍රශ්නය විසදිය යුතුයි. නිවාස 25,000ක් හදනවා  කියලා මගේ  මැතිවරණ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඔලුවේ අමාරුවට නෙවෙයි ඒය  ලිව්වේ.

 මේ ගැන   අධ්‍යයනය කරලා හදාගන්න ටික කාලයක් ගියා.  ගාල්ල දිස්ත්‍රික්කයේ එකවර නිවාස 25,000ක් හදන්න බලාපොරාත්තු වෙනවා . රුපියලක්වත් ආණ්ඩුවෙන් එපා.  ඒ සඳහා අවසරය විතරයි ආණ්ඩුවෙන් ඉලන්නේ. ඒ වාර්තාව මා අගමැතිවරයාට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබුණු විට  එකම දිනයක මුල්ගල් 25,000ක් තියලා එකවර  නිවාස වල වැඩ පටන් ගන්නවා. මම එහෙම දේවල් කරලා තියෙන හින්දා තමයි කියන්නේ. නොකර කියනවා නෙවෙයි  යනුවෙන් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න