සේනා නිසා පීඩාවටපත් ජනතාවට වන්දි !

සේනා නිසා පීඩාවටපත් ජනතාවට වන්දි !

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හට වන්දි පිරිනැමීම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ,

 මීට කලින් අම්පාර දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා වෙනුවෙන් වන්දි ගෙවීම පටන් ගත්තා.අපි ලක්ෂ 1,600ක් අම්පාර දිස්ත්‍රික්කයට වන්දි ලබා දුන්නා. තව තියෙනවා. ඒ වගේ ගෙවන්න මොණරාගල දිස්ත්‍රික්කයේ අනුරාධපුර වගේම තව උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක්. ඒ වගේම කුරුණෑගල ආදී දිස්ත්‍රික්ක කිහිපයකට මේ මුදල ගෙවන්න තියෙනවා.

සේනා දළඹුවාගේ හානිය කෘෂි රක්ෂණ මණ්ඩලයට ගෙවන්න නීත්‍යනුකූලව අයිතියක් තිබුණේ නෑ. සාමාන්‍යයෙන්  කෘෂි රක්ෂණ මණ්ඩලය වන්දි ගෙවන්නේ ගොයම් සහ බඩඉරිඟු ඇතුළු තවත් බෝග වර්ග 7කට ස්වභාවික හානියක් වෙච්ච අවස්ථාවක තමයි වන්දි ගෙවන්න තීන්දු කරලා තියෙන්නේ.

ගංවතුරෙන් නියඟයෙන් වගා හානි වුණොත්. හැබැයි මේ දළඹුවාගේ හානිය ආපු මුල් කාලයේ ඉඳන් රට පුරාම අපේ මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. මේ සේනා දළඹුවාගේ හානිය ගැන මට මතකයි මේ ප්‍රශ්නේ ඇතිවුණු වෙලාවේ සමහරු මේ බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් ගිනි තියලා විනාශ කරන්න කිව්වා. ඒ දළඹුවාගේ හානිය ගොයමට එනවා කිව්වා. ගොයමටත් ගිනි තියන්න ඕනේ කිව්වා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ කිව්වා  සිංහරාජෙටත් සේනා ඇවිල්ලා කියලා. එහෙනම් සිංහරාජෙත් කොනක ඉදන් ගිනි තියන්න වෙනවා.

දළඹුවා නිසා සමහර දේශපාලඥයෝ පිම්බෙන්න හැදුවා. මං දැක්කා පාර්ලිමේන්තුවේ දළඹුවයි සලබයයි හඳුනගන්න බැරුව කතා කෙරුවා.

ඒ වගේම මම විශේෂ ස්තූතියක් කරන්න ඕනේ සියලුම දිසාපතිතුමන්ලට. එතුමන්ලා තමන්ගේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කළා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ උපරිම සහයෝගය ලැබුණා. ඒ නිසා අපිට පුළුවන් වුණා ටික කාලෙකින් සේනා දළඹුවා පාලනය හා මර්දනය වෙනුවෙන් ක්‍රියා කරන්න.

ඒ වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා වන්දි ගෙවන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දුන්නා.ඉතිහාසයේ මේ වගේ උවදුරු ආපු වෙලාවට මේ තරම් ඉක්මනින් වන්දි ගෙවන්න කටයුතු කරලා නෑ.

පීඩාවට පත් පූර්ණ හානි සිදුවූ අනුරාධපුර ගොවීන් 132ක් සඳහා මෙහිදී වන්දි ලබාදුන් අතර, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 540ක් වැය කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න