නව ප්‍රේක්ෂක අපේක්ෂා සපුරාලීමට නව්‍ය හා නම්‍යශීලී මාධ්‍ය භාවිතයක්

නව ප්‍රේක්ෂක අපේක්ෂා සපුරාලීමට නව්‍ය හා නම්‍යශීලී මාධ්‍ය භාවිතයක්

ගෝලීය විනෝදාස්වාදය සහ මාධ්‍ය කර්මාන්තය පිළිබද PwC නව වාර්තාවල අනුව වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරණයේ කප්පිත්තන් මෙතෙක් හිමිකරගෙන සිටි ආධිපත්‍ය, කෘතිම බුද්ධිය (AI) විසින් අත්කරගනු ලැබ ඇති බවයි ප්‍රකාශවන්නෙ. ඒ අනුව සැලසුම් කිරීම නිර්මාණය කිරිම, වෙන්වෙන්ව ප්‍රේක්ෂකයින් ඉලක්ක කිරීම යනාදි කාර්‍යන්හි දී මානව සහභාගිත්වය අවම වී තිබේ. වෙළඳ දැන්වීම් අන්තර්ගත නිර්මාණය කිරිම පවා AI-බලයෙන් ක්‍රියාත්මක වන වෙළඳ පොළක් නිර්මාණය වනු ඇත.

මාධ්‍ය පරිවර්තනයේ සිදුවන වඩාත්ම දියුණුම අවධිය

2029 වන විට මෙම කර්මාන්ත ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.5 දක්වා ඉහළ යනු ඇතැයි ගෝලීය විනෝදාස්වාදය සහ මාධ්‍ය වර්තාවේ 2025–2029 පුරෝකථනය විසින් පෙන්නවා දෙනු ලබනවා.

පසුගිය වසරේ මුළු ගෝලිය දැන්වීම් ආදායමෙන් සියයට 72 ක් වූ ඩිජිටල් වෙළඳ දැන්වීම්, වන අතර 2029 වන විට එය සියයට 80 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අන්තර්ජාලය ප්‍රචලිතවීමෙන් පසු ගෝලීය වශයෙන් මාධ්‍ය පරිවර්තනයේ සිදුවන "වඩාත්ම දියුණුම අවධිය" ලෙස මෙය විශේෂඥයින් විසින් හදුවනු ලැබ තිබෙනවා. AI-මගින් මෙහෙයවන ආකෘති සහ පුරෝකථන විශ්ලේෂණ මගින් පාරිභෝගිකයින් ප්‍රවෘත්ති, විනෝදාස්වාදය සහ මාර්ගගත අන්තර්ගතයන් අත්විඳින ආකාරය නැවත අර්ථකථනය කරනු ඇත .

අනුවර්තනය වනවා ද, පසුබැස යන්වා ද...?

මාධ්‍ය කර්මාන්තය සැමවිටම තාක්ෂණික වෙනස්කම්වලින් යුක්ත විය. මුද්‍රිත මාධ්‍යයේ අකුරු අමුණා ප්‍රකාශන නිකුත් කළ යුගය ඇපල් පරිගණකය පැමිනීමෙන් සුවිසල් පෙරෙළියකට ලක් විය. එය වඩාත් පහසු සහ සුඛනම්‍ය වුව ද AI මගින් සිදුවන වේගවත් සහ බුද්ධිමත් වෙනස්කම් හමුවෙ මාධ්‍ය, ආයතන සහ මාධ්‍යකරුවන් අනුවර්තනය වනවා ද නැතහොත් පසුබැස යන්වා ද යන අවදානමකට මුහුණදී සිටියි. මේ අතර ජංගම සම්බන්ධතා සහ ඩිජිටල් ප්‍රවේශය පුළුල් වන විට ආසියාවේ සහ අප්‍රිකාවේ නැගී එන වෙළඳපොළවල් ඊළඟ වර්ධන රැල්ලට නායකත්වය දෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම පරිවර්තනය ශ්‍රී ලංකාවෙ මාධ්‍ය ආයතන ඇතුළු කලාපීය සහචරයින්ට AI ඒකාබද්ධ කිරීම හරහා සිය නිෂ්පාදන සහ වෙළඳ දැන්වීම් උපාය මාර්ග නවීකරණය කිරීමට නව අවස්ථා විවෘත කිරිමට ඉඩ සැලසෙන බව විශ්ලේෂකයන් ගේ අදහසයි.

AI-මගින් මෙහෙයවන ලද ඉලක්කගත කිරීම් සහ මැනිය හැකි ප්‍රතිඵල ලබා දෙන ඩිජිටල් වේදිකා වෙත වැඩි වෙළඳ නාම මාරු වීමත් සමග සාම්ප්‍රදායික රූපවාහිනී, ගුවන්විදුලි සහ මුද්‍රිත මාධ්‍ය වෙළඳ දැන්වීම් ආදායම අහිමි වෙමින් පවතී. උදාහරණයක් ලෙස, වසර ගණනාවක් තිස්සේ මුද්‍රිත වෙළඳ දැන්වීම් ආදායම ගෝලීය වශයෙන් පහත වැටෙමින් පවතින අතර, පාඨකයින් මාර්ගගත ප්‍රවේශ වෙත පෙලඹෙන විට එය දිගට ම පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඩිජිටල් රූපවාහිනී (CTV) සේවා වර්ධනයක්

සාම්ප්‍රදායික විකාශන රූපවාහිනියට ප්‍රේක්ෂක කොටස අහිමි වෙමින් පවතින අතර, AI-සම්බන්ධිත දැන්වීම් සහිත ප්‍රවාහ වේදිකා සමග එක්වෙමින් ගමන් කරන ඩිජිටල් රූපවාහිනී (CTV) සේවාවන් - වර්ධනය වෙමින් පවතී.

Global Entertainment & Media Outlook 2024–2028

Media Sector Approx. Global Share of Ad Revenue (2025) Trend

Digital & Online Media ≈ 65–70%

Television (Linear + CTV) ≈ 15–18%

Print Media (Newspapers & Magazines) ≈ 4–6% .

Radio & Audio (including Podcasts) ≈ 5–6%

Outdoor & Cinema (OOH & DOOH) ≈ 6–7% .

මෙයින් අදහස් කරන්නේ සාම්ප්‍රදායික රූපවාහිනී ජාලවලට තවමත් ආදායමක් උපයා ගනීමට මාර්ග ඇති බවයි. නමුත් බොහෝ දුරට සම්භාව්‍ය රේඛීය දැන්වීම් වෙනුවට ඩිජිටල් හෝ දෙමුහුන් වෙළඳ දැන්වීම් ආකෘති භාවිත කිරීම සිදුවනු අත.

AI සමග සහයෝගීතාව

බොහෝ පුවත්පත් සහ සඟරා ඩිජිටල් දායකත්ව සහ මාර්ගගත දැන්වීම් ආකෘති වෙත දැනටමත් මාරු වී ඇත. භෞතික පිටපත් දැන් බොහෝ විට ප්‍රධාන ආදායම් මූලාශ්‍රයට වඩා වෙළඳ නාමකරණය සහ විශ්වසනීයත්වය මෙවලමක් ලෙස පමණක් භාවිතා කෙරේ. බොහොවිට ලක්ෂ ගණනින් මුද්‍රණය කළ පිටපත් අද මුද්‍රණය වන්නේ දහස් ගණනිනි.

සාම්ප්‍රදායික ගුවන් විදුලියේ ද ආදායම අඩු වෙමින් පවතී. නමුත් පොඩ්කාස්ට් සහ streaming audio ප්‍රවාහ ශ්‍රව්‍ය ක්‍රම නව ආදායම් මාර්ග නිර්මාණය කරයි. ප්‍රමිතිගත ගුවන් විදුලි ස්ථාන වෙනුවට ඉහළ ඉලක්ක ගත, අන්තර්ක්‍රියාකාරී ශ්‍රව්‍ය අන්තර්ගත සඳහා දැන්වීම්කරුවන් යොමුවෙමින් සිටී. මෙ අතර සාම්ප්‍රදායික මාධ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින් ඉවත් නොවුන ද ඔවුන්ගේ භූමිකා දැඩි ලෙස වෙනස් වෙමින් පවතී. නිර්මාණාත්මක, උපායමාර්ගික සහ දෙමුහුන් භූමිකා වර්ධනය වෙමින් පවතින අතර, සාමාන්‍ය කාර්යයන් ස්වයංක්‍රීය වේ. පරිණාමය වෙමින් පවතින මාධ්‍ය භූ දර්ශනය තුළ පැවැත්ම සඳහා අනුවර්තනය, නැවත පුහුණු කිරීම සහ AI සමග සහයෝගීතාව දැන් අත්‍යවශ්‍ය වී තිබේ.

මානව නිර්මාණකරුවන් දෙමුහුන් භූමිකා වෙත

කෙසේ වෙතත්, AI හි වේගවත් නැගීම සාම්ප්‍රදායික මාධ්‍ය සහ මානව නිර්මාණකරුවන්ට අභියෝගයක්ව ඇති බව නම් පැහැදිලි ය. රූපවාහිනිය, ගුවන්විදුලිය සහ මුද්‍රිත මාධ්‍ය තවමත් වැදගත් වන නමුත් ඩිජිටල් වේදිකාවලට වෙළඳ දැන්වීම් කෝටාව මාරුවෙමින් පවතී. මෙනිසා පුවත්පත් අන්තර්ජාලයට මාරු වෙමින් පවතින අතර, තවදුරටත් පවත්වාගන යෑම සඳහා ගුවන්විදුලි මධ්‍යස්ථාන පොඩ්කාස්ට් සහ ප්‍රවාහ ශ්‍රව්‍ය වෙත මාරු වෙමින් පවතී. ඒ සමග ම, මානව නිර්මාණකරුවන් AI මගින් නැවත හැඩගස්වා ඇත. මූලික ග්‍රැෆික් නිර්මාණය, පිටපත් ලිවීම සහ වීඩියෝ සංස්කරණය යනාදි සාමාන්‍ය නිර්මාණාත්මක කාර්යයන් දැන් ස්වයංක්‍රීය කළ හැකිය.

නමුත් විශේෂඥයින් අවධාරණය කරන්නේ අව්‍යාජ මානව නිර්මාණශීලිත්වය - හැඟීම්, කතන්දර කීම සහ සංස්කෘතික අවබෝධය - කවරදාටත් වෙනස් නොවන බවයි. මානව නිර්මාණකරුවන් දෙමුහුන් භූමිකා වෙත සංක්‍රමණය වෙමින් සිටින අතර, ඔවුන්ට පැවෙරෙන කාර්‍යන් කිපයක් හදුනාගෙන ඇත.

සාම්ප්‍රදායික මාධ්‍ය වෘත්තිකයින්ට ඇති බලපෑම

මේ අනුව ඔවුන්ගේ රකියා අවස්ථා සහ වගකිම් කාර්‍ය පටිපාටි ද වෙනස් වෙමින් පවතී. මූලික පිටපත් ලිවීම, පුර්ව සැලසුම් නිර්මාණය, වීඩියෝ සංස්කරණය සහ දැන්වීම් ස්ථානගත කිරීම යනාදි මුලික කාර්යයන් සම්බන්ධ තනතුරු AI මෙවලම් මගින් වැඩි වැඩියෙන් ස්වයංක්‍රීයව සිදුකිරිමට කර්මාන්ත හිමිකරුවන් යොමුවනු ඇත.

සාම්ප්‍රදායික මාධ්‍යවල සමහර මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන් සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් ඔවුන්ගේ භූමිකාවන් තාක්‍ෂණය මගින් කාර්යක්ෂමව සිදු කර ගන්නා විට, අමතර වැඩ පැය ගණනක් නැතිවීම හෝ දොට්ට දැමීම්වලට මුහුණ දිය හැකි ය. මින් ගැලවීම සඳහා බොහෝ සාම්ප්‍රදායික මාධ්‍ය වෘත්තිකයන් නව දෙමුහුන් භූමිකා වෙත පිවිසෙමින්, මානව නිර්මාණශීලිත්වය AI මෙවලම් සමග මිශ්‍ර කර ගැනීමට පෙලඹී ඇත.

කෘතිමව මවන - AI-ජනනය කරන ලද කතා හෝ දෘශ්‍ය නිර්මාණ පිරිපහදු කිරීම සහ සත්‍යාපනය කිරීමේ වගකීම ඔවුන් වෙත පැවෙරෙනු ඇත. එමෙන්ම කාර්‍ය බහුල නිර්මාණකරුවන් - උසස් තත්ත්වයේ අන්තර්ගත නිෂ්පාදනය කිරීමට AI සඳහා යෙදවුම් Apps සකස් කිරීම තුළින් සිය ආධිපත්‍ය යම් තරමකට රදවා ගනු ඇත. ආචාරත්මක වගවීම් සඳහා සංස්කාරකවරුන් - නිරවද්‍යතාවය, සම්බරතාව සහ කතුවැකි ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීමේ වගකීම බාරගනු ඇත. නිර්මාණාත්මක උපායමාර්ගිකයින් -ඩිජිටල් දත්ත විශ්ලේෂණ සමග කතන්දර කීමේ කුසලතා ඒකාබද්ධ කිරීම තුළින් නව ප්‍රවේශ සොයනු ඇත.

අනෙකුත් මාධ්‍යකරුවන්ට තව දුරටත් මෙහි රැඳී සිටිමට නම්...

කුමන් තත්ත්ව යටතේ වුව මානව නිර්මාණශීලීත්වයේ ඉහළ යන වටිනාකම තව දුරටත් පවතිනු අති බවයි මාධ්‍ය විචාරකයන් පවසන්නේ. ස්වයංක්‍රීයකරණය තිබියදීත්, අව්‍යාජ මානව නිර්මාණශීලිත්වය - හැඟීම්, සංස්කෘතික අවබෝධය, කතන්දර කීම කෙරෙහි ඇති ඉල්ලුම තව දුරටත් වැඩිවනු ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ අනුව විශ්වාසදායක, මුලාශ්‍ර සහ ආකර්ෂණීය අන්තර්ගත සැපයිය හැකි පළපුරුදු මාධ්‍යවේදීන්, නිෂ්පාදකයින් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම තරගකාරී තත්ත්ව තුළ සිය අනන්‍යතා රදවා ගනු ඇත.

මෙහි දී අනෙකුත් මාධ්‍යකරුවන්ට තව දුරටත් මෙහි රැඳී සිටිමට නම්, කුසලතා වැඩි දියුණු කිරීම සහ අනුවර්තනයවීම අවශ්‍යමවේ. මෙතෙක් තමන් සම්ග සිටි සගයන් ඉදිරියට ගෙනයාමට සිතන මාධ්‍ය ආයතන ඔවුන්ට AI සාක්ෂරතාවය, ඩිජිටල් මෙවලම් සහ බහුමාධ්‍ය නිෂ්පාදනය පිළිබඳ පුහුණුව දිරිමත් කරනු ඇති. සාම්ප්‍රදායික ක්‍රම මත පමණක් රඳා නොසිට, සාම්ප්‍රදායික මාධ්‍ය කුසලතා සමඟ තාක්ෂණය ඒකාබද්ධ කළ හැකි වෘත්තිකයන්ට අනාගතය එතරම් අයහපත් නොවනු ඇත.

විශ්ලේෂකයින් පවසන්නේ AI මානව නිර්මාණශීලිත්වයට අභියෝග නොකරන නමුත් එහි භූමිකාව නැවත සකස් කරන බවයි; නිර්මාණකරුවන්ට යන්ත්‍ර සමග අනුවර්තනය වීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට බල කරන බවයි. මෙම පරිවර්තනය මාධ්‍ය ආයතනවලට තාක්ෂණය විශ්වාසදායක පුවත්පත් කලාව සමග ඒකාබද්ධ කිරීමට අවස්ථා විවෘත කරන අතර වෙනස් වන ප්‍රේක්ෂක අපේක්ෂා සපුරාලනු ඇත.

"නව ප්‍රේක්ෂක අපේක්ෂාවන් සපුරාලීම සඳහා මාධ්‍ය කර්මාන්තය නව්‍ය හා නම්‍යශීලී විය යුතුය," PwC වාර්තවන් අවධාරණය කරන්නේ AI යුගයේ මානව නිර්මාණශීලිත්වය තවදුරටත් කේන්ද්‍රීයව පවතින බවයි.

(ටී එම් ජී චන්ද්‍රසේකර)

උපුටා ගත්තේ Tmg Chandrasekara face book පිටුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න