ආණ්ඩු මාරුවට වෙනස් නොවන : අගමැතිගේ අලුත් සැලසුම මෙන්න !

ආණ්ඩු මාරුවට වෙනස් නොවන : අගමැතිගේ අලුත් සැලසුම මෙන්න !

ආණ්ඩු මාරුව අනුව වෙනස් නොවන ජාතික මාර්ග පද්ධතියක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රුපියල් මිලියන 8000ක වියදමින් සංවර්ධනය කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ මාර්ග ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ  (17) පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ  තම රජය බලයට පැමිණීමට පෙර අක්‍රමවත් ලෙස මහා මාර්ග නිර්මාණය කර තිබූ බවත් වත්මන් රජය යටතේ සැලසුම් සහගත ලෙස මාර්ග පද්ධති නිර්මාණය කරන බවත්  ඒ අනුව මහනුවර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ග පද්ධතියක් මේ වන විට ඇති කරගෙන යමින් තිබෙන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න