සිරිසේනට දෙන්නෙම නෑ : ප්‍රසන්න කියද්දී - චමල් ස්ථිර කරයි !

සිරිසේනට දෙන්නෙම නෑ : ප්‍රසන්න කියද්දී - චමල් ස්ථිර කරයි !

පොහොට්ටු ශ‍්‍රී.ල.නි.ප සන්ධාන ගසා මෛත‍්‍රී නැවත ජනාධිපති කිරීමට සුදානම් නැතැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග යළිත් අවධාරණය කරයි. 

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරලීමට සන්ධාන ගත වීමට සුදානම් වුවද ඡන්දය  ඉල්ලීමට ශ‍්‍රී.ල.නි.පය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් ජනතාව තුල කැමැත්තක් නැති බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘‘ගම සමග පිළිසදරක්’’ වැඩසටහන සම්බන්ධයෙන් නැදගමුව, කොටුගොඩ, පත්තඩුවන,කෙහෙල්බද්ධර, අස්ගිරිවල්පොල, කොට්ඨාශ නියෝජිතයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමේදි මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්වරයා ඇතුලූ කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙනවා පොහොට්ටුව ශ‍්‍රීලනිපයට ඇදලා ආපහු මෛත‍්‍රී ජනාධිපති කරන්න. නමුත් මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහතා රටේ නායකයා වෙන එකයි. අපි ? වැටුන වලේ දවල් වැටෙන්නේ නැහැ. සන්ධානයක් සැකසීම සදහා වන ශ‍්‍රීලනිප පොහොට්ටු සක්ච්ඡුා වලට අපේ කණ්ඩායම යන්නේ නිරවුල් මනසින්. හොද අවධානයෙන් මෙවර අපව රවටන්න කිසිවෙකුට බැහැ අපි එහෙම රැවටෙන්නේ නැහැ . 

රාජපක්ෂ පවුල අපේක්ෂකයා තෝරා අවසන් - චමල් 

මේ අතර  මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් එක් වී තීරණයක් ගත් බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ ද පවසා සිටියි.

පවුලේ සාදයකදී මෙම පිරිස හමුවූ බවත් මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කල බවත් ඔහු සදහන් කර ඇත.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පවසා ඇති අතර අපේක්ෂකයා කවුද යන්න ඉදිරියේදී සඳහන් කරන බවද පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න