නරක කාලය අවසන් : දැන් පෙරට යමු - ඇමති රවී 

නරක කාලය අවසන් : දැන් පෙරට යමු - ඇමති රවී 

"ඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි. මේ වනවිට අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්  රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී ඇති බව" විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. 

අමාත්‍යවරයා  මෙම අදහස් පළකලේ, පසුගිය දින යාපනය යූනියන් පාසලේ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

මේ රටට මේ වනවිට සාමය උදාවෙලා තිබෙනවා.  සමහර විට ඔබ හිතනවා ඇති සාමයක් නැහැ කියලා. ජනතාවගේ ජිවන මට්ටම වගේම මානසික තත්ත්වයත් වඩාත් යහපත් වෙලා තිබෙනවා. සාමකාමී බවට පත්වෙලා තිබෙනවා. මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, ජනතාවගේ අධ්‍යාපනික මට්ටම දියුණු වීමයි.

මේක තමයි වෙනස.  අපේ රට නිදහස ලබා වසර 71 ක් වුවත්, මේ දක්වා මේ රටට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා  නැහැ. ඒකට ප්‍රධානම හේතුව නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ අර්ථාන්විත වෙනසක් ඇති නොවීමයි.  අපගේ අසල්වැසි රටවල් වන සිංගප්පූරුව, තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව  වැනි රටවල් දෙස බලනවිට පෙනී යන්නේ,  එම රටවල වඩාත් වේගවත් මෙන්ම අර්ථවත් ආර්ථික දියුණුවක් ඇතිවී ඇති බවයි.

අපි 2015 දී මැතිවරණයට එද්දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. ජනතාව අපිව විශ්වාස කළා. අද අපි ඒ ජනතාවට සවන් දිය යුතුයි. අපේ පොරොන්දුව ඉටුකල යුතුයි. මම සතුටු වෙනවා දෙමළ ජාතික සන්ධානයත් අපේ මතයට එකඟවීම පිළිබඳව.

අපිට දේශපාලනඥයින් අවශ්‍යයි. නමුත් සැබෑ දේශපාලඥයින් සිතිය යුත්තේ රටේ අනාගතය ගැන මිසක්, ඉදිරි මැතිවරණයක් ගැන නොවෙයි.  සැබෑ දේශපාලනඥයෙක්ගේ වෙනස මේකයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න