අභියාචනාධිකරණයට ගැටී සිරිසේනට හති : අලුත් නිර්දේශය කුමුදුනී !

අභියාචනාධිකරණයට ගැටී සිරිසේනට හති : අලුත් නිර්දේශය කුමුදුනී !
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය නිර්දේශ කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
 
ඒ අනුව ඇගේ නම මේ වන විටත් ව්‍යවස්ථා සභාව වෙත යවා ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ගේ නමද සිරිසේන ජනාධිපති විසින් එම තනතුර සඳහාම  නිර්දේශ කර ඇති බවත් දැනගන්නට ඇත.
 
කෙසේ වුවත් පසුගිය මාස කිහිපයකදී අවස්ථා ගණනක ජනාධිපති සිරිසේන විසින් අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා නිර්දේෂකොට යවනු ලැබුවේ දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම වූ නමුත් ඒ සෑම  අවස්ථාවකදීම ව්‍යවස්ථා සභාව එකී නිර්දේශය ප්‍රතික්ෂේප කරනු ලැබිණ.
 
එහෙත් වැඩ බලන පදනමින් අවස්ථා කිහිපයකදීම දීපාලි විජේසුන්දර විනිසුරුවරියව අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීමට සිරිසේන ජනාධිපති කටයුතු කල අතර මේ වන විට ඊට එරෙහිව එනම් ජනාධිපති සිරිසේන ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව දක්වා  ශ්‍රේෂ්ඨාධිකරණයේ  මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව පෙත්සමක් ගොනුකරන්නට ජේෂ්ඨ නීතිඥයන් 4 දෙනෙකු කටයුතු කර ඇත.
 
එම පුවත පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න