බැසිල් මංගලව කොපි කරනවා : පොහොට්ටුවේ සුළු පක්ෂවලින් චෝදනාව !

බැසිල් මංගලව කොපි කරනවා : පොහොට්ටුවේ සුළු පක්ෂවලින් චෝදනාව !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  "ගම සමඟ පිළිසඳරක්" වැඩසටහන ආරම්භ කළේ  "ගම්පෙරළිය" කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයේ වාසිය ආණ්ඩුවට හිමිවීම පාලනය කිරීමට නමුත් මේ වන විට එය පොදුජන පෙරමුණේ සීමිත ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ප්‍රවර්ධනය කරන කුහක ප්‍රතිපත්තියක් තුළ ක්‍රියාත්මක කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂයක ප්‍රබලයකු පැවසීය.

ඔක්තෝබර් 26 සිදුවූ දේශපාලන අර්බුදය අවස්ථාවේ පළමු මොහොතේම "ගම්පෙරළිය" වැඩසටහන නවතා දැමුණේ ද තම පක්ෂවල යෝජනාවක් නිසා බවත් ඒ වන විටත් ගම්පෙරලිය හරහා ආණ්ඩුව ග්‍රාමීය ජන්ද පදනම් ශක්තිමත් කරගැනීමේ අවධානම පෙන්වා දුන්නේද තම පාර්ශව බවත් ඔහු පැවසීය.

මේ පාර පරදින්නේ මංගලව කොපි කරලා !

එහෙත් මේ වන විට අදාළ වැඩසටහන සඳහා තම කුඩා පක්ෂ වලට කිසිඳු අවස්ථාවක් නොදෙන බවත් ඒ පිටුපස ඇත්තේ තම පක්ෂ ගමට යාම වැලැක්වීම බවද ඔහු සඳහන් කරයි.

එසේම ආණ්ඩුව පෙරළීම වෙනුවෙන් තම පක්ෂ සංවිධානය කල දීප ව්‍යාප්ත ජනතා රැළි වලට සහභාගී නොවන ලෙස පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වෙනම ප්‍රචාරයක් සිදුකල බවත් එම ප්‍රකාශකයා පැවසු අතර අදාළ පොහොට්ටු ප්‍රබලයා පසුගිය වර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොමිස් නිසා අපකීර්තියට පත්කළ බවත් මෙවර තම සන්ධානය ඔහු දුර්වල කරන්නේ මංගල ඇමතිව කොපි කිරීමට ගොස් බවත් පැවසීය.

ෆේස්බුක් විරෝධයක් !

මේ අතර  ‘ගම සමග පිලිසදරක්’ වැඩසටහනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කර සුළු පක්‍ෂ කිසිවක් සමග සාකච්චාවක් කර නැති බවට එම පක්‍ෂවල ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ෆේස්බුක් ඔස්සේද  මත පල කර ඇත.

සිතා මතාම සුළු පක්‍ෂ දිය කර හැරීමට පොදුජන පෙරමුණ විසින් කටයුතු කරමින් ඇතැයි ඔවුන් එහිදී චෝදනා කර තිබිණි.

මංගලගේ අනාවරණය !

තවද පසුගියදා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර ද සඳහන් කර සිටියේ ඔක්තෝබර් 26 දියත්වූ කළු සිකුරාදා කුමන්ත්‍රණය දියත්කලේද ගම්පෙරලිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මකවීම නිසා ඊට බියවී බවය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න