අසමතුන්ටද පත්වීම් අවශ්‍ය වෙලා : වයඹ ගුරු සම්මුඛ පරීක්ෂණය අවලංගු කරලා !

අසමතුන්ටද පත්වීම් අවශ්‍ය වෙලා : වයඹ ගුරු සම්මුඛ පරීක්ෂණය අවලංගු කරලා !
වයඹ පළාත් සභාව මඟින් ඩිප්ලෝමාධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය පසුගිය නොවැම්බර් 23 වැනි දින නිකුත් කළ අතර එම ගැසට් පත්‍රයට අනුව විභාගයක් පවත්වා ඊයේ (16) දින සම්මුඛ පරීක්ෂණ සඳහා එම විභාගයෙන් සමත් ළමුන් කැඳවා ඇත.
 
එසේ කැඳවා තිබියදී සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ දිනය පෙර දින එනම් පෙරේදා සවස 4.00 න් පසුව එම සම්මුඛ පරීක්ෂණය අවලංගු කළ බව දන්වමින් පළාත් සභාව මඟින් සමත් සිසුන්ට දුරකථනය මඟින් දැනුම් දී තිබේ.

මෙය මුළුමනින්ම ඉංග්‍රීසි ඩිප්ලෝමාව ලබාගත් නමුත් බඳවා ගැනීමේ විභාගයෙන් අසමත් වූ ළමුන් කිහිපදෙනෙකුගේ ඉල්ලීම මත වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් සිදුකරන ලද්දක් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්ද ආණ්ඩුකාරවරයා විසින් මෙතෙක් ප්‍රසිද්ධියේ සිදු නොකර ඇති අතර සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට නියමිතය සිටි පිරිස මෙයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි පැවසේ.

සම්මුඛ පරීක්ෂණය අවලංගු කිරීමට අසමත් ළමුන් පිරිස විසින් ඉදිරිපත් කරන සියලු හේතු සාධක විහිළු වන බවත් එසේ යම් සංශෝධනයක් සිදුකර ගැනීමට අවශ්‍යතාවයක් පැවතුනේ නම් හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යව තිබුණේ නම් විභාගයක් පවත්වන තුරු නොයිඳ, නැතිනම් සම්මුඛ පරීක්ෂණය හෙටයි කියන තුරු නොයිද කලින් ක්‍රියාත්මක විය යුතුය තිබුණ බව සමත් ළමුන් අදහස් දක්වමින් කියා සිටී.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඊයේ දින සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට සිටි පිරිස මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද වයඹ පළාත් සභාවට එක්ව සිටි අවස්ථාවේ ඔවුන් මෙසේ අදහස් දැක්වීය.  
54155066 317520085616801 963202066019254272 n
53864638 609717026122476 7353053718071214080 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න