සිරිසේන යළිත් වතාවක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  කඩලා : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

සිරිසේන යළිත් වතාවක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  කඩලා : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

සිරිසේන ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබීම හේතුවෙන්  තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියා  ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සිව් දෙනෙකු පසුගියදා  ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

අංක SC (REF) 107/2019 දරණ එහි පෙත්සම්කාර පාර්ශවය වන්නේ ලාල් විජේනායක, සුනිල් ජයරත්න, ලක්ෂ්මන් ජෝතිකුමාර් සහ නාමල් රාජපක්ෂ නීතිඥවරුන්ය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස  ජනාධිපති, නීතිපති, ජනාධිපති ලේකම්, ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් සහ  අභියාචනාධිකරණ විනිසුරුවරියක වන දීපාලි ජයසුන්දර නම් කර ඇත.

වාර්තා වන ආකාරයට අදාළ පෙත්සමේ දක්වා ඇත්තේ  ජනාධිපති සිරිසේන දිගින් දිගටම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව අභියාචනාධිකරණයේ සභාපති ධූරයේ වැඩ බැලීම සඳහා දින දාහතරෙන් දාහතරට තෙවතාවක් දීපාලි විජේසුන්දර පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109, 41සී සහ 33 වගන්ති සිතා මතා උල්ලංඝනය කර ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න