එජාපෙ පුළුල් සන්ධානය ගොඩනැගීමේ වෙලාව : ඇමති හැරිසන් කියයි !

එජාපෙ පුළුල් සන්ධානය ගොඩනැගීමේ වෙලාව : ඇමති හැරිසන් කියයි !
ඉදිරි ජාතික මැතිවරණය සඳහා දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ගොඩනගන බව අමාත්‍ය පී හැරිසන් පවසයි.
 
අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද මහතාගේ මහ ලේකම් ඒලියට ගෙන සන්ධානයක් බිහිකළ හැටි අවසන් මොහොත දක්වා ඔහුවත් නොදැන සිටි බවත් ඒ ආකාරයටම මෙවරද මැතිවරණයක් කැඳවූ සැනින් යෝජිත සන්ධානය බිහිකර පෙන්වීමට තම පාර්ශවය සූදානම් බවද ඔහු පැවසීය.
 
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීමට ආරම්භ කර ඇති සාකච්ඡා සම්බන්ධව අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයද මාධ්‍ය විමසා සිටි අතර එහිදී හැරිසන් අමාත්‍යවරයා පවසා සිටියේ ජනාධිපති නියෝජනය කරමින් සාකච්ඡා සඳහා යන්නේ මහින්ද මහතා සමඟ සිටි පාර්ශවම බවත් ඒ සාකච්ඡා ගැන විශ්වාසයක් තැබීමට නොහැකි බවත්ය.
 
ඒ බව පෙන්වා දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ සිරිසේන ජනාධිපති අපේක්ෂකයාට එකළ කහට උගුරක් වත් නොදුන් තිලංග සුමතිපාල මන්ත්‍රී සහ ඒ සමයේ සිරිසේන මහතාට හිටං හුටං කියමින් සමච්චලයට ලක්කළ දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන් අද ජනාධිපති සිරිසේනගේ නියෝජිතයන්ව ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න