සිරිසේන - මහින්ද සන්ධානය : කතන්දරේ අමල් බිසෝ !

සිරිසේන - මහින්ද සන්ධානය : කතන්දරේ අමල් බිසෝ !

පාර්ලිමේන්තුව තුල අයවැය යෝජනාවලිය පරාජය කිරීමට තිබූ අවස්ථාව ජනාධිපතිවරයාගේ කණ්ඩායම විසින් නැති කර දැමූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ චෝදනා කරයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාතලේ ප‍්‍රාදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ   ජනාධිපතිවරයාගේ තීන්දුව නොසලකා ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටුගම, ශ‍්‍රියානි විජේවික‍්‍රම යන සිවු දෙනා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කිරීම ගැන තමන් සතුටු වන බවය.

අවස්ථාවාදී සම්බන්ධයක් දෙදරා යන ලකුණු !

විපක්ෂ නායකවරයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධව ප්‍රතිචාර දක්වන විචාරකයන් පෙන්වා දෙන්නේ සිරිසේන - රාජපක්ෂ සන්ධානය මේ වන විට ඉරණම් සහගත අන්තය වෙත පැමිණෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බවය. එහෙත් එය බලය අඛණ්ඩ කරගැනීම වෙනුවෙන් දෙපාර්ශවයම මුල්වූ අවස්ථාවාදී එළඹුමක් මිස අන් කිසිවක් නොවන බැවින් එය අවස්ථාවාදී දේශපාලනය ගැන නිරීක්ෂකයන්ට යමක් ඉගෙනගත හැකි සම්බන්ධයක් මිස මේ කිසිවක් බරපතල ලෙස ගත යුතු නැති බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම බලයක් නොමැතිව සිරිසේන ජනාධිපතිට රාජපක්ෂ කඳවුර තුළ සිටීම කිසිසේත් සිදුවිය හැක්කක් නොවන බවත් දෙපාර්ශවයම හීනමානය පෙරමුණේ තබා කටයුතු කිරීම ඊට දැඩිව බලපාන බවද ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව රාජපක්ෂවරුන් මෙන්ම සිරිසේන පාර්ශවයද මේ වන විට අලුත් ගමනක් ගැන නැවත සිතන්නට සිදුවන තත්ත්වයකට පත්ව ඇති බවද විචාරක අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න