Language Switcher

V2025

එස්.බී ගෙන් සිරිසේනට රතු එළියක් !

අයවැය අවසන් ජන්ද විමසීමේ අවස්ථාවේ ඊට විරුද්ධව තමන් ජන්දය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසයි.
 
ඊයේ (16) මහනුවර පැවති පක්ෂ ප්‍රතිසංවිධාන හමුවක අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර අයවැය පළමුවර ජන්ද විමසූ අවස්ථාවේ ඊට විරුද්ධව ජන්දය ලබාදීමට සූදානම්ව සිටියත් පක්ෂ සමගිය ආරක්ෂා කිරීමට අයවැයට පක්ෂව ජන්දය ලබාදෙන ලෙස ඉහළින් ලැබුණු උපදෙස් අනුව ක්‍රියා කරන්න සිදුවූ බවද පැවසීය.
 
එසේම ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවා අයවැයට විරුද්ධ ප්‍රතිපත්තියක සිට ජන්දය ලබාදීමට සූදානමින් සිටියත් ඉහළින් පැමිණි නියෝගය හමුවේ ඒ අවස්ථාව අහිමිවූ බවත් වාර්තා වෙයි.