එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධව රාජපක්ෂ පවුල තීන්දුවක් ගෙන අවසන් බවත් එය ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.
මාධ්‍ය සිදුකල විමසුමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එම අපේක්ෂකයාව ජයග්‍රහණය කරවීමට මිනිසුන් සූදානම් බවද පැවසීය.
එහිදී මේ වන විටත් අපේක්ෂකයා තෝරාගෙන අවසන් නම් සිරිසේන ජනාධිපති ඇතුළු ශ්‍රීලනිප ය සමඟ සාකච්ඡා පැවැත්වීමේ අරමුණ ද විමසනු ලැබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එම සාකච්ඡා සිදුවනු ඇත්තේ වත්මන් ආණ්ඩුව පෙරළීමට විය හැකි බවය.
කෙසේ වුවත් මේ වන විටත් ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේනව නම් කර තිබීම ගැනද මන්ත්‍රීවරයා වෙතින් විමසනු ලැබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන නමුත් පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද මහතා නම් කරනු ලබන තැනැත්තා වනු ඇති බවය.

