ජනපති, අගමැති සහ මැති ඇමති ධූර : හොරකමට ලයිෂන් කරගෙන - අනුර 

ජනපති, අගමැති සහ මැති ඇමති ධූර : හොරකමට ලයිෂන් කරගෙන - අනුර 

අශිෂ්ඨ දේශපාලන ගොහොරුව වෙනුවට ශිෂ්ඨත්වයේ දේශපාලනය ගෙන යා හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක  පවසයි.

එම පක්ෂයේ ඊයේ (16) පැවති දොඩම්ගස්ලන්ද ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වූ අතර ජනාධිපති ධුරය, අගමැති ධුරය සහ මැති ඇමති ධුර හොරකම් කිරීමට ලබාගෙන ඇති ලයිසන් බවට පත්ව ඇතැයිද  පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ වර්ථමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද  හොරකම් කිරීම සඳහා සිය ධුරය භාවිත කර ඇතැයි ද චෝදනා කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ  ඔවුන්ගෙන් කිසිවෙකු හෝ එසේ නොකළ බව පවසන්නේ නම් ඒ පුද්ගලයා ගැන කීමට තමා සූදානම් බවය.

එසේම හිටපු අගමැති දී.මූ.ජයරත්නත් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහත් සිය ධුරය හොරකම සඳහා ලයිසමක් ලෙස යොදාගත් බවද අනුර දිසානායක මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

එසේම පැවති රජයන් හා වර්තමාන රජයේ ද මැති ඇමතිවරු අශිෂ්ඨ ලෙස සිය තනතුරු හොරකම වෙනුවෙන් යොදාගෙන ඇතිබවත් පවතින අශිෂ්ඨ දේශපාලන ගොහොරුව වෙනුවට ශිෂ්ඨත්වයේ දේශපාලන කොඩිය පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ සතුව පමණක් බව ද අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න