පොහොට්ටු අමිල : සභාපති ධුරයෙන් දොට්ට !

පොහොට්ටු අමිල : සභාපති ධුරයෙන් දොට්ට !

මැතිවරණ කොමිසම විසින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අය එම්.කේ. අමිල නම් වන අතර පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහරදී පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී මාස 3 ක සිරදඬුවමක් නියමකර තිබීම මීට හේතුවී තිබේ.

මේ හේතුව මත සභාපති ධුරයෙන් ඉවත්කර බව මැතිවරණ කොමිසමද  සඳහන් කරන අතර ඊට අදාළ ලියකියවිලි මේ වන විටත් එම්.කේ. අමිල වෙත යොමුකර ඇති බවද දැනගන්නට ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න