මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ ගැසට් කර තිබු වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ඇමැති රිෂාඩ් බදියුදීන්ට පවරා ඇත.
ඒ අනුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වන අතර ඊට අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
