මාදුරු ඔයේ පාවෙන සූර්ය බලාගාරයට : කැබිනට් අනුමැතිය !

මාදුරු ඔයේ පාවෙන සූර්ය බලාගාරයට : කැබිනට් අනුමැතිය !

මාඳුරුඔය ජලාශයේ පාවෙන මෙගා වොට් 100 ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇත.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති සිරිසේන සහ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධ ව්‍යාපාතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.

මෙම ව්‍යපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදා ගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැනඩා රජය විසින් කර ඇති යෝජනාව අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා කැනේඩියන් සෝලර් ආයතනය සමඟ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමටත් ඒ පිළිබඳ සාකච්ඡා කටයුතු සිදු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න