පොහොට්ටු - ශ්‍රීලනිප තීරණාත්මක සාකච්ඡාවක් අද : පොහොට්ටුවෙන් දැනටමත් කොන්දේසියක් !

පොහොට්ටු - ශ්‍රීලනිප තීරණාත්මක සාකච්ඡාවක් අද : පොහොට්ටුවෙන් දැනටමත් කොන්දේසියක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂනායක කාර්යාලයේදී අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වන අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා අයවැය පරාජය කිරීමට එකඟවිය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම යෝජනාව දෙපාර්ශවයේ ඉදිරි කටයුතු සඳහා තීරණාත්මක බවත් ඊට එකඟවීමට ශ්‍රීලනිප පාර්ශවය සූදානම් නැතිනම් තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙනයාම තේරුමක් නොමැති බව පොදුජන පෙරමුණ පාර්ශවයේ අදහස වී වාර්තා වෙයි.

ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ සිටියේද ඒ අනුව බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් දෙපාර්ශවයේ සාකච්ඡා පළමු වරට සිදුවුයේ ඉකුත් 14 වනදාය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න