ජාතික පාසල් මේනියාවක් ගැන : ලංකා ගුරු සංගමයෙන් චෝදනා !

ජාතික පාසල් මේනියාවක් ගැන : ලංකා ගුරු සංගමයෙන් චෝදනා !

අධ්‍යාපන අමාත්‍යංශය සමස්ත පාසල් සංවර්ධනය පසෙක දමා දේශපාලන උවමනා මත ජාතික පාසල් වැඩිකිරීමේ ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සංගමය චෝදනා කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ලංකවේ ජාතික පාසල් 353 ක් පවතින අතර මේ වන විට එම සංඛ්‍යාව 361 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ලංකාවේ පාසල් 10162 ක් අතරින් ජාතික පාසල් ඇත්තේ 353 ක් පමණි. ජාතික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඍජුව පාලනය වන අතර, සෙසු පාසල් පළාත් සභා යටතේ පාලනය වේ.

2019 වසරේ දී නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල් 2 ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් 1 ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 3 ක් ද ජාතික පාසල් බවට පත්කර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ උවමනා මතය. පසුගිය දින පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරියද උතුරු පළාතේ පළාත් පාසල් ගණනාවක් ජාතික පාසල් බවට පත් කරන බව ප්‍රකාශ කර සිටියාය.

පාසල් සංවර්ධනය වන්නේ ජාතික පාසල් බවට පත්කිරීමෙන් පසුවද යන පැනය මේ තුළ මතුවේ. අධ්‍යාපනයේ සම අවස්ථා ඇති කිරීම වෙනුවට තෝරාගත් පාසල් සංවර්ධනය කිරීමේ සැලැස්ම තුළ විශාල පාසල් සංඛ්‍යාවක් නොසැලකිල්ලට ලක්වන බව පහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් සභා නොමැති තත්වයක දේශපාලන උවමනා මත පාසල් සංවර්ධනය කිරීමේ මුවාවෙන් සිදු කරන මෙම ක්‍රියාවලිය නතර කළ යුතු එකකි. ලංකාවේ පාසල් පද්ධතියේ මෙවැනි බෙදීම් පැවතීම හේතුවෙන් ජාතික පාසල් කිරීමෙන් පමණක් පාසල් සංවර්ධනය වේ යනුවෙන් ජනතාව තුළ ආකල්පයක් ඇතිවීම හානිදායකය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ සියලූ පාසල් සමානව දියුණු කිරීමයි. එසේ නොකොට දේශපාලන ඕනෑ එපාකම් මත පාසල් බෙදීම නතර කළ යුතු බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න