සිරිසේන සිංගප්පූරුව සමඟ පැටලෙන ලකුණු !

සිරිසේන සිංගප්පූරුව සමඟ පැටලෙන ලකුණු !

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සම්බන්ධව ජනපති සිරිසේන කළ ප්‍රකාශය සහ ඊට සිංගප්පුරු රජය දැක්වූ ප්‍රතිචාරය ආශ්‍රිත සිදුවීම තවත් දුරදිග යන තත්ත්වයක් මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී ජනාධිපති සිරිසේන සඳහන් කර තිබුණේ අදාළ කටයුත්ත සඳහා සිංගප්පූරුවේ සහාය නොමැති බවය. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව ඊයේ (21) ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය සහායත්, ලියකියවිලිත් ශ්‍රී ලංකාවෙන් නොලැබුණ බවයි.

මේ අනුව සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිවරයා ඉදිරියේදී ජනතාවටත්, සිංගප්පූරු රජයටත් කරුණු දැක්වීමට නියමිත බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

එසේම අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනිම වෙනුවේ ශ්‍රී ලංකාව මේ වන විට ලිඛිතව හා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න