තීන්දුව
යාපනයේ, චුන්නාකම් තාප බලාගාරය මගින් ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍ර වීම සහ එම නිසා ප්‍රදේශවාසීන් මුහුණ දුන් පීඩාවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව, අද ලබා දුන් තීන්දුවට අනුව එම බලාගාරය හිමි Northern Power සමාගම මගින් පීඩාවට පත් ප්‍රදේශවාසීන් 500 දෙනෙකුට, රුපියල් 40,000 බැගින් රුපියල් මිලියන 20 ක මුදලක් වන්දි ලෙස ගෙවිය යුතුය.
තීරණාත්මක වීම
ඉන්දියාවේ, විශේෂයෙන්ම පාරිසරික ගැටළු වලට අදාළ නඩු වලදී භාවිත කරන ක්‍රමවේදයක් මුල් වරට මෙම නඩුවේදී ලංකාවේ ද භාවිත කෙරිණි.
එනම්, පොදුවේ ජනතාව මුහුණ දෙන පාරිසරික ගැටළුවකට අදාළව පැමිණිල්ල යොමු කරන ලද පාර්ශ්වය එම කරුණ ඔප්පු කිරීම අත්‍යවශ්‍ය නොවන අතර, තීරණාත්මක වන්නේ චෝදනා ලබන පාර්ශ්වය තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීමයි.
මෙම නඩුවේදී චුන්නාකම් තාප බලාගාරය ක්‍රියාත්මක කරන සමාගමට තමන් නිර්දෝෂී බව තහවුරු කිරීමට නොහැකි විය.
වැදගත්කම
ලංකාවේ, ජනතාවට පොදුවේ බලපාන පරිසර ගැටළු සම්බන්ධයෙන් බහුතරය අවදියෙන් සිටී. එහෙත් ගැටළුව වන්නේ ඊට එරෙහි නීතිමය කටයුතු වලදී අදාළ බහුතරයට වඩා චූදිත සුළුතරය බලවත් වීමයි. ඔවුන් නිරන්තරයෙන් බලය යොදා, බහුතරයට තමන්ගේ පීඩාව තහවුරු කිරීමට ඇති ඉඩ අහුරයි.
මේ තීන්දුව නිසා මින් ඉදිරියට ඔවුන්ට තමන් නිර්දෝෂී බව තහවුරු කිරීමට සිදු වේ.
එය බලය යොදා පීඩිතයන් මර්දනයට වඩා, සාපේක්ෂව අසීරු කාර්‍යයක් වේ.
ආදරය
මීට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ ආරම්භයට මුල් වෙමින් තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් සටනට අඩිතාලම දැමූ, එහෙත් ගැටළු නිසා පසෙකට වූ නම නොදත් සොයුරියටත්, පෙත්සමේ පැමිණිලිකාර පාර්ශ්වය ලෙස නඩුව 'ඇදගෙන ගිය' ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සොයුරාටත්, මුදලට නීතිය නමනවා වෙනුවට 'නොමිලේ' වසර ගණනාවක් නඩුව කතා කළ නීතිවේදීන් වන නුවන් බෝපගේ සහ චතුර වෙත්තසිංහ සොයුරන්ටත් මෙහි සමස්ත ගෞරවය හිමි විය යුතුය.
එහෙත් ඔවුන් කිසිවකු ''''දේශප්‍රේමී''''' නැත.
(ශාලික විමලසේන )

