මාවිල් ආරු වහලා - ඇමතුම ගෝඨාගෙන් : ඔපරේෂන් එක ෆොන්සේකාගෙන් !

මාවිල් ආරු වහලා - ඇමතුම ගෝඨාගෙන් : ඔපරේෂන් එක ෆොන්සේකාගෙන් !

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.

ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසුව තමන් ලංකාවට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමන් කටුනායකට පැමිණි පසු එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ට දුරකතන අමැතුමක් ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා ඔහු කිව්වා මාවිල් ආරු වහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්‍රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු මහින්ද රාජපක්ෂ (එවක ජනාධිපති) කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.” යැයි සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය අයවැයේදි තමන් ආරක්ෂක අංශ විචේචනය කළත් මෙවර ආරක්ෂක අංශ වෙනුවෙන් කතා කරන බවයි.

අතීතයේදි සටන් විරාම ඉල්ලූ ජනරාල්වරුන් පවා සිටිය බවත් ඔහු ප්‍රකාශ කළේය. මේ වන විට ගුවන් හමුදාවට ඇත්තේ එක් ප්‍රහාරක යානාවක් බවත් ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න