සිරිසේනගේ නායකත්වයට එරෙහිව ශ්‍රිලනිප අභ්‍යන්තරයේ කැරැල්ලක් !

සිරිසේනගේ නායකත්වයට එරෙහිව ශ්‍රිලනිප අභ්‍යන්තරයේ කැරැල්ලක් !

ජනාධිපති සිරිසේනගේ ශ්‍රිලනිප පක්ෂ නායකත්වයට එරෙහි කැරැල්ලක් එහි අභ්‍යන්තරයේ නිර්මාණය වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

එම පිරිස රාජපක්ෂ පවුලට නැවත පක්ෂ නායකත්වය ලබාදීම වෙනුවෙන් වන එකගතාවයක සිට මේ සිදුකරන බවත් දැනගන්නට තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේනගේ උපදෙස් පිළිනොගෙන කටයුතු කිරීමට ඔවුන් මේ වන විටත් කටයුතු කරන අතර අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ නොවන ලෙස ජනාධිපති සිරිසේන කරතිබූ දැනුම්දීම නොසලකා ඔවුන් කටයුතු කර ඇත්තේ ද ඒ අනුව ය.

වාර්තා වන ආකාරයට එම මන්ත්‍රී පිරිස මෙසේය.

එස්.බී. දිසානායක
සුසිල් ප්‍රේමජයන්ත
අනුර ප්‍රියදර්ශන යාපා
ඩිලාන් පෙරේරා
චන්දිම වීරක්කොඩි
ටී බී ඒකනායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
අනුරාධ ජයරත්න
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න