රාජකාරි වෙලාවේ චැනල් කරපු වෛද්‍යවරුන් 3කට වැඩ වරදියි !

රාජකාරි වෙලාවේ චැනල් කරපු වෛද්‍යවරුන් 3කට වැඩ වරදියි !

රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුනු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබද විමර්ශණයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතු සිදු කරමින් සිටිය දී හසුකර ගන්නා ලදි. ඒ මාවනැල්ල, වලපනේ සහ කොස්ගොඩ පිහිටි පෞද්ගලික රෝහල් 03 ක දීය.

මාවනැල්ල මූලික රෝහලට අනුබද්ධව සේවය කරන එක් වෛද්‍යවරයෙක් පෙරවරු 9.45 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගත් අතර, වලපනේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී වෛද්‍යවරියක් පෙරවරු 12.00 ට හසුකර ගන්නා ලදි. එම වෛද්‍යවරිය වලපනේ දිසා රෝහලේ සේවය කරයි.

කොස්ගොඩ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී තවත් වෛද්‍යවරයෙක් පෙරවරු 8.40 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සදහන් කරයි. මෙම වෛද්‍යවරයා කොස්ගොඩ මධ්‍යම බෙහෙත් ශාලාවට අනුයුක්තව සේවය කරයි.

මෙම වෛද්‍යවරුන් තිදෙනා පිළිබද මූලික විමර්ශණයක් සිදු කර චෝදනා පත ගොනු කිරීමෙන් පසු රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතය.

– ප්‍රසන්න අධිකාරී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න