ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරීය තීන්දු කර තිබේ.
අද (05) මෙම තීන්දුව ගෙන තිබෙන අතර ඊට අදාල චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
ඊට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයකි.
ලංකා විදුලි බල මණ්ඩල පාලනාධිකාරිය මෙම තීන්දුව ගෙන තිබෙන්නේ ඉංජිනේරුවන්ට ඉකුත් 2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කිරීමත් සමගය.

