අයවැය උඩින් දිනුම් !

අයවැය උඩින් දිනුම් !

2019 අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 45 කින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සමත් විය.

මෙම ජන්ද විමසීම අද (05) පාර්ලිමේන්තුවේදී පැවති අතර එක්සත් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අයවැය ට පක්ෂව ජන්දය ප්‍රකාශ කරනු ලැබිණ.

ඒ අනුව 2019 වසරට අදාලව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල අයවැය ට පක්ෂව ජන්ද 119 ක් ලැබුණි.

ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැය ට විරුද්ධව ජන්දය ප්‍රකාශ කල අතර ඒ දැක්වුනේ ජන්ද 74ක් වශයෙන්‍ ය.

කෙසේ වුවත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොසිටි අතර ජනාධිපති සිරිසේන පාර්ශවය නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් බහුතරයක් ඒ අතර විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න