ආදරණීයන් අහිමි වූ සැම වෙනුවෙන් OMP…..

ආදරණීයන් අහිමි වූ සැම වෙනුවෙන් OMP…..

අප රටේ අද අප දකින විශාලතම අභියෝගයන්ගෙන් එකක් වන්නේ ආරක්ෂාව යනු කුමක්ද? අනතුර යනු කුමක්ද? යන්න පිළිබඳ ව්යාකූලතාවයයි. එක් අතකින් අප රජය යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ගේ නැති වූ දෑ සඳහා සහන සලසමින් හා සුවපත් වීමට උදව් වෙමින් ඔවුන් සැනසීමට කටයුතු කරන අතර, අනෙක් අතට ජාත්යන්තර විනිශ්චය සභා අපගේ යුධ වීරයන්ට චෝදනා ඉදිරිපත් කිරීම්වලින් ආරක්ෂා කිරීම මගින් අප රට වාර්ගික බහුතරය සැනසීමට කටයුතු කෙරේ. එය ඉතා දුක්කදායක තුලනය කිරීමකි. OMP අනතුර හා තර්ජනය සමඟ වරදවා වටහා නොගත යුතුය. OMP සත්ය හා සාධාරණ ලෙස කටයුතු කිරීම සඳහා වේ. සරලව දක්වන්නේ නම් එය ගැටුම් පැවති කාලය තුලදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව සත්යය සොයා බැලීමේ යාන්ත්‍රණයකි.

ශක්තිමත් හා ඒ සඳහා යොමු වූ සංහිදියා ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රමාදදවීම පිළිබඳව විවාදයට ලක්ව තිබේ. 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් ශ්‍රී ලංකාව අතුරුදුහන්වූවන්ගේ සංඛ්යාව සැලකූ කල ලෝකයේ දෙවන ස්ථානයේ ඇති බව අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් අප කුමක් සිදු කර තිබේද? අප පෙර කොමිසම් ගණනාවක් පත් කර තිබේ. 1991 දී ආර්. ප්රේමදාස මහතා විසින් පත්කල කොමිසම, 1994 දී බණ්ඩාරනායක මැතිණිය විසින් පත් කරන ලද කොමිසන් 03, 1998 දී විමසීම් පිළිබඳ සමස්ත ලංකා කොමිසම, 2013 පරණගම කොමිසම. මෙම සියළු කොමිසම් ඇති කර ක්රියාත්මක කරනු ලැබූ මුත් තවමත් මිනිසුන් සොයන පිළිතුර ලබා දීමට නොහැකි වී ඇත. රජයන් පත්වී ඉවත්ව ගොස් ඇත. කලින් කලට පොරොන්දු ලබාදී ඇති මුත් ඒවා ඉටු කර නැත. අප බිය විය යුත්තේ කුමකටද? තම අතුරුදහන් වූ දරුවා සොයන බවකට උදව් කිරීමට අප බිය වන්නේද? දශකයකට වඩා වැඩි කාලයක් තම පියා දැක නැති පවුලකට සහනයක් ගෙනදීමට අප බිය වන්නේද? ඔබගේ කවුරුන් හෝ නැතිවී තිබේද? ඔබට එය එලෙසම දැනේද?

අද දින මීට පෙර මෙම රට දැක නැති වෙනසක් දකින්නෙමු. OMP පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති අතර, කොමසාරිස්වරු පත්කර ඇත. මෙය වැදගත් ජයග්රහණයකි. OMP කාර්යාලය අද අවුරුද්දක් සපිරෙන තැන, සැලකිය යුතු කාර්යන් රාශියක් ඉටු කර ඇත. අතුරුදහන් වූ පුද්ගලයන් හා අතුරුදහන්වීම පිළිබඳ ගැටළු අළුත් එකක් නොවේ. මෙම ගැටළු දශක 03ක පමණ කාලයක සිට අප වටා තිබේ. පෙර රජයන් විසින් ලබා දී ඇති පොරොන්දු දෙස බලන්න, නමුත් අප ලඟා කර ගෙන ඇත්තේ කුමක්ද? නැවත නැවත ව්යාජ බලාපොරොත්තු හා බලාපොරොත්තු කඩ වීම් පමණි. අවසානයේදී මෙම රජය විසින් සංහිදියාව හා සාමය සඳහා විශාල පියවරක් ගෙන තිබේ. මේවා ජාත්යන්තර සමුළු වලදී කියන ලද හුදු වචන හෝ පුවත්පත්වල පලකරන ලද හා මාධ්ය මඟින් පෙන්වන ලද දේවල් පමණක් නොවේ. එය යථාර්ථයක් බවට පත්වී ඇත. මෙම කොමිසම පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් කාර්යාලයක් ඇති කරගනු ලැබූවක් නොවේ. මෙය ජනතාව විසින ලබාදෙනු ලැබූ ඉල්ලීමක ප්රතිඵලයකි. බලපෑමට ලක්වූ පවුල් හා සිවිල් සමාජ කණ්ඩායම් OMP පිළිබඳ ඔවුන්ගේ හඩ නැගීමට එකට එක්ව ඇති අතර, ඔවුන් නැඟූ හට ඇසී ඇත. මෙය රටේ සෑම අස්සක් මුල්ලකම සිටින පීඩාවට පත් සෑම පුරවැසියෙකුටම ලගා කර ගත හැකි මෙහෙයුමකි. ජාතිය වෙනුවෙන් ජීවිත කැප කල අපගේ සොල්දාදුවන් ක්රියාන්විතයේදී අතුරුදහන් වූ හමුදා නිලධාරීන්ගේ පවුල් අපට අමතක වී නැත. 80 දශකයේ දී දේශපාලනික ප්රචණ්ඩත්ව මඟින් දරුණු ලෙස මැඩලන ලද දකුණේ විනාශ වූ දූ පුතුන් අපට අමතකව නැත. අසාධාරණයට එරෙහිව නැඟී සිටි වාර්තාකරුවන් හා ජනමාධ්ය වේදීන් අපට අමතකව නැත. මෙම කාර්යාලය එක් පැහැදිලි හා සරල කාර්යයක් එනම් අතුරුදහන් වූවන් සිදු වූයේ කුමක්ද? යන්න සොයා බැලීමට හා අප සමඟ දැනට සිටින ඔවුන්ගේ පවුල්වල අයට සැනසීම ගෙනදීම සඳහා පිහිටුවා තිබේ. කුමන හෝ ශ්රි ලාංකිකයෙකුට එයට එරෙහි විය හැකිද?

ශ්‍රී ලංකාවේ සාමය හා යුක්තිය සඳහා OMP අත්යවශ්ය වන අතර, ජනතාව විසින් එය පිලිගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ (JVP) OMP සඳහා ඡන්දය දීමට එ.ජා.ප./ ශ්‍රී.ල.නි.ප. පෙරමුණ සමඟ එක්වී ඇත. පාර්ලිමේන්තුවේ මෙයට එරෙහිව ඡන්දය දුන් පිරිසක් සිටින අතර, එය ඔවුන්ගේ හෘද සාක්ෂියට එරෙහිව ලබාදෙන ලද ඡන්දයකි. එම සාමාජිකයින් සමඟම හිටපු ජනාධිපති මහිනද රාජපක්ෂ මැතිතුමා මෙම කාර්යය සමඟ මෑතකදී එකට එක්ව සිටියේය. එවකට මානව අයිතීන් මෙම රටට අත්යවශ්ය බව ඔහු විසින් පිලිගනු ලැබීය. 80 දශකයේදී පීඩාවට පත් JVP සාමාජිකයින්ට ඔහු සහාය දක්වනු ලැබූ අතර, අද දින OMP මේ සඳහා පෙනී සිටී. නමුත් බලය හා දෙශපාලනය වඩා වැදගත් වි ඇති බැවින්, ඔවුන් ඊට එරෙහිව සටන් කරමින් සිටී. ඒ ගැන කණගාටු නොවන්න. ඔවුන් ඉතා කුඩා සංඛ්යාවක් වන අතර, ඔවුන්ගේ හඩ ප්රබල නොවේ. ඔවුන්ගේ හඩ පීඩාවට පත් පවුල්වල හඩට වඩා වැඩි විය නොහැක. බිදුණු හදවත් ඇති මවුවරුන්ගේ හා වැන්දඹුවන්ගේ වැලපීම් ඔවුන්ට පරාජය කල හැකිද? ඔවුන්ට ඔබව ව්යාකූල කිරීමට ඉඩ නොදෙන්න. වැලැක්වීමට ඉඩ නොදෙන්න. කලක් ඔවුන් සියල්ල මේ සඳහා සටන් කරනු ලැබීය. එය ඔවුන් සියල්ල මේ සඳහා සටන් කරනු ලැබීය. එය ඔවුන්ට අමතකව ඇති නමුත්. අප අමතක නොකල යුතුය.

දේශපාලනික පෙළඹවිම් මගින් එක් පැත්තකට බර නොවන්න. ජාත්යන්තර පීඩනය පිළිබඳ කට කථා මගින් එක් පැත්තකට බර නොවන්න. OMP ඔවුන් සඳහා නොවේ. OMP අප සඳහාම වේ.

 89975146 6fac61c9 91f6 4dd0 b436 45ea2c367fde

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න