මෙතෙක් මාදිවෙල රාහුල විද්‍යාලය ලෙස නම් කළ, පසුව ඉසුර විද්‍යාලය ලෙස බස්නාහිර පළාත් මහ ඇමතතිවරයා විසින් නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පැවසීය.
කිසිදු පුද්ගලයෙකුගේ නමින් පාසල් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට තම අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බවද අසාද් සාලි මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බවයි.
ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කොට ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බවත් යම් දේශපාලනඥයෙකුට තමන්ගේ නමින් ගොඩනැගිල්ලක් විවෘත කර ගැනීමට අවශ්‍ය නම් අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික මුදලින් එය ඉදිකර විවෘත කර ගත යුතු බවත් ඔහු වැඩි පැවසීය.
මහ ඇමතිවරයා විසින් සිදු කළ මෙම ක‍්‍රියාව මේ වන විට බොහෝ පිරිසක් අතර හාස්‍යයට ලක් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මහ ඇමතිවරයාට පක්ෂයේ ප‍්‍රබලයන්ගෙන් පවා චෝදනා එල්ල වී ඇත. කෙසේ වුවදස මෙම පාසල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී විය.

