සිරිසේනව විශ්වාස කරන්න බෑ : ප්‍රසන්න යළිත් ගේම ඉල්ලයි !

සිරිසේනව විශ්වාස කරන්න බෑ : ප්‍රසන්න යළිත් ගේම ඉල්ලයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒ ගැන තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ඔහු පෙන්වා දේනනේ අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්‍රීලනිපය නැවතත් මේ රටේ ජනතාව රැවටූ බවයි.

උඩුගම්පල දී මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ උපාධීධාරී සංගමයේ රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම පැවත් විණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

සිරිසේනගේ රෑ දනියෙල් දවල් මිගෙල් තීන්දු

” ආණ්ඩුවේ සිහින අය වැය අවසන් ඡන්ද විමසීම වෙළාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඊට කලින් දවසේ අපේ කණ්ඩායම් රැස්වීමට ආපු ජනාධිපතිවරයා කිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ කියලයි. තමන්ට වැඩ කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා කියලා නාහෙන් අඩපු ජනාධිපතිතුමා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කලා. ඒ වුනාට පහුවදා අය වැය ඡන්දය වෙලාවේ ඡන්දය දීමෙන් වැලකී ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප මේ කලේ අනියම්ව රනිල්ට හා රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාදයක් ආණඩුව පවත්වාගෙනයාමට උදව්වක් . කොටින්ම කිව්වොත් දෙපිට කාට්ටු වැඩක්. ශ්‍රීලනිපයේ දවල් මිගෙල් රෑ දනියල් ප්‍රතිපත්තිය තමයි මේකෙන් නැවත පැහැදිලි වුනේ,

ශ්‍රිලනිපයට කොන්දක් නෑ !

ශ්‍රීලනිපයේ හැසිරීම අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ආණ්ඩුව විවේචනය කරනවනම් කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න මේ අයට පුළුවන්කමක් තියෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා අද දක්වාම මේ අය කළේ ශ්‍රී ලංකා කාරයන් වගේම රටත් රවට්ටපු එක. මේ රටේ ජනතාව රවට්ටපු එක. පිටිපස්සෙන් පිහියෙන් අනින එක. අප තවදුරටත් ශ්‍රීලනිපයට රැවටෙන්න ඕනෙ නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ඒ නිසා සන්ධානයක් සදහා යන පොහොට්ටු – ශ්‍රීලනිපෙ සාකච්ඡා ගැන අපට නැවත නැවත සිතා බලන්න වෙනවා. ඒකාබද්ධ විපක්ෂනායකයන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය.

Unp සමග ඩීල් දාගෙන

 අපි මෙහෙම කියන කොට UNP එකට කඩේ යන ශ්‍රීලනිප අයට හරියට රිදෙනවා. ඒ අය අපිට කියනවා ඩීල් කියලා. අපිට නම් රනිල් එක්ක කිසිම ඩීල් එකක් නෑ. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්කයි. ඒ රට දිනවීම සදහායි.

රනිල්වයි රනිල්ගේ ආණ්ඩුවයි රකින එවුන් එක්ක සන්ධාන ගහන්න එපා කියලා තමයි රටේ ජනතාව කියන්නේ. ඒත් ජනාධිපතිවරණයේදී එක ඡන්දයක් වටින බවත් අප පිළිගත යුතුයි. ශ්‍රිලනිප – පොහොට්ටු සන්ධානය හැදෙනවානම් එහි වැඩි බලය පොහොට්ටුවට ලැබිය යුතුයි. නමුත් පසුගිය සිකුරාදායින් පස්සෙනම් මේ සාකච්ඡා නැවත නැවත සලකා බැලිය යුතු බවයි රටේ බහුතර ජනතා මතය වෙලා තියෙන්නේ. මමත් ඊට එකගයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න