ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව දියත්වීම ඉවසා දරාගත නොහැකි ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ඉතා නින්දිත ආකාරයේ මඩ ප්‍රචාර නිකුත් කරමින් සිටින බවට ආණ්ඩුව චෝදනා කරයි.
ඒ බව අනාවරණය කරමින් ආණ්ඩුවේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේ දින 52 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුව බලය ඩැහැගැනීමෙන් පසුව දියත් කළ පලමු කාර්‍යය වූයේ ගම්පෙරළිය නවතා දැමීම බවය.
කුමන්ත්‍රණ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් පරාජය කිරීමෙන් පසුව දැන් අදාල ව්‍යාපෘතිය සම්බන්ධව තැන තැන මඩ ගසන්නට ගෙන ඇති බවත් ඊට ආසන්න නිදර්ශනය ලෙස වරකාපොල ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලය යටතේ දියත් කල ව්‍යාපෘතියක් ගැන විකෘති කල පුවතක් ෆේස් බුක් හරහා ප්‍රචාරය කිරීම පෙන්වා දිය හැකි බවද ඔහු අවධාරණය කරයි.
අදාල මඩ ප්‍රචාරය පහත දැක්වේ.

කෙසේ වුවත් මේ සම්බන්ධව වරකාපොල ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලය නිල නිවේදනයක් ද නිකුත්කර ඇත.

රුපියල් මිලියනයක සාර්ථක ව්‍යාපෘතියක් !
ඒ උපුටා දක්වමින් ආණ්ඩුවේ ප්‍රකාශකයා සදහන් කර සිටියේ මෙය ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වරකාපොල තාඹුගල මහ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පුරවා සැකසීම , ප්‍රේක්ෂකාගාරයක් සහ පිටිය වටා දැල් වැට සකස් කල සාර්ථක ව්‍යාපෘතියක් බවය.
එසේම එම ව්‍යාපෘතිය වෙනුවෙන් ගම්පෙරළිය වෙතින් රුපියල් මිලියනයක මුදලක් ලැබුන බවද ඔහු පැවසීය.
එම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් පිටියේ මූලික සැකසුම් සදහා බැකෝ යන්ත්‍රයක් ගෙන ඒමට සැකසූ මාර්ගයක බෝක්කුවක් සදහා ඉතිරිවූ කොන්ක්‍රිට් ප්‍රමාණයක් යොදවා ඇති බවත් ඒ බව ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලය තහවුරු කල බවත් ඔහු පැවසීය.
ඉතිරි කොන්ක්‍රිට් ටිකත් ගමේ පාරක බෝක්කුවකට !
නමුත් සාර්ථක ව්‍යාපෘතිය සදහා යෙදූ නාම පුවරුව පවා මඩ ප්‍රචාරය වෙනුවෙන් යොදවා ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොමග යැවීමේ නින්දිත උත්සාහය ගෙන ඇති බවද ඔහු පැවසීය.
ව්‍යාපෘතිය සාර්ථකව කල සාක්ෂි මෙන්න !





