Language Switcher

V2025

ගිලන් රථ 118ක් : රාජිතගේ ප්‍රධානත්වයෙන් බෙදයි !

දිවයින පුරා පිහිටි රෝහල් සදහා ගිලන් රථ 118 ක් බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ ප‍්‍රධානත්වයෙන් අද (11) සිදුවිය.

ඒ, කොළඹ මහ නගර සභා භූමියේ පැවති උත්සවයකදීය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අද බෙදා දුන් එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූ ලක්‍ෂ හැත්තෑ පන්දහසක් පමණ වන බවයි.

2015 වසරින් පසු වත්මන් රජය විසින් රේඛිය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් 42 කට සහ පළාත් සභා රෝහල් 203 කට ගිලන් රථ ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.