ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත්වීමට තවත් රාජපක්ෂවරුන් ඕනෑ තරම් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ (17) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් සහ ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ද සියලු දෙනාම එකතු වී ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට තීන්දු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු ද සූදානම් කෙරෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
තමන් ඒ ආකාරයෙන් සිය අපේක්ෂකයා යම් ආකාරයට ප්‍රකාශ කර සිටියත් එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇති බවත් සදහන් කල මන්ත්‍රීවරයා එජාපය ගෝඨාභය රාජපක්ෂව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඔවුන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇති බිය නිසා බවත් ප්‍රකාශ කළේය.

