ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ (16) දිනයේ සිදුව ඇති බව වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාට පක්ෂයක් ලෙස ඔවුන් විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.
වාර්තා වන ආකාරයට වහාම පෙර තිබූ ස්ථාවරය වෙනස් කරගෙන එළැඹෙන තත්ත්වයට මුහුණදීමට සූදානම් වන ලෙස රාජපක්ෂ පවුල වෙතින් ලද නියෝගයක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මීට සහභාගී වී තිබේ.
එම යෝජනාවලිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගෙන් යහපත් ප්‍රතිචාර ලද බවට නිවේදනය කරන ලෙසත් එහිදී රාජපක්ෂ පවුල වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාට දන්වා තිබූ බවත් දැනගන්නට ඇත.

