මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ සීතල යුද්ධය උණුසුම් වී ඇති අතර ඒ හමුවේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති සිරිසේනගේ ගුණ වැයීම සම්බන්ධව පාක්ෂිකයන්ගේ දැඩි අවධානයක් යොමුව ඇත.
ජනාධිපති සිරිසේන විසින් රට තුළ මත්කුඩු විනාශ කිරීම වේගයෙන් සිදුකිරීමට ජනාධිපති සිරිසේන ගෙන යන වැඩපිලිවෙල ගැන සතුටු විය යුතු බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසා ඇති අතර ඒ අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
රජයක් ලෙස ජනාධිපතිතුමන්ගේ පියවර අප සියලු දෙනා දොහොත් මුදුන් තබා පිළිගතයුතු යයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
එසේම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ වන විට තමන් පවත්වන ජනහමු වලදී එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක වෙත පමණක් නොව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාවද සියුම්ව විවේචනය කිරීම සම්බන්ධව ද පාක්ෂික අවධානය යොමුව තිබෙන බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු විසින් පක්ෂ නායකත්වය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පිස්සු බල්ලෙක් අපිව හැපුවට අපි ඌව හපන්න යන්නේ නෑ - ඇමැති රවී
මේ අතර දේශපාලන වේදිකාව තුල සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රකාශ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රවී කරුණානායක පවසා සිටින්නේ පිස්සු බල්ලෙක් අපිව හපා කෑවාට ඌව නොහපන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
එහෙත් පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට ඇතමුන් බල තන්හාවෙන් කටයුතු කරන බවත් ඒ සදහා කිසිදු ඉඩක් තමන් ඇතුළු පාර්ශවය ලබානොදෙන බවත් අමාත්‍යවරයා පවසයි.
පක්ෂ නායකත්වය රැකගෙන ජයග්‍රහණය සදහා පක්ෂය මෙහෙයවීම පක්ෂයේ අති බහුතරයකගේ අපේක්ෂාව බව පෙන්වාදෙන අමාත්‍යවරයා ඊට බාධා කරන කවරෙකු වුවත් තරාතිරම නොබලා කටයුතු කරන බවත් පවසයි.
නායකයා රනිල් : ජනාධිපතිවරණයට ඔහු එයි - ඇමැති කිරිඇල්ල
මේ අතර පවතින අර්බුදය සම්බන්ධව මාධ්‍ය සිදුකළ විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ තම පක්ෂය එක පවුලකට අයත් නැති බවත් ඕනෑම දෙයක් සම්බන්ධව වාද විවාද කර තීන්දුවක් ගැනීමේ නිදහසක් එහි ඇති බවය.
එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බැවින් ඔහු ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

