දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවුවහොත් පවතින උණුසුම්කාරී තත්ත්වය මේ මාසය අවසන්වනතුරු පැවැතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි සතිය පුරාම පැවැතිය හැකි බවත්, වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළයුතු බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සචිත්‍රා ජයසේකර සඳහන් කළාය.
අද (18දා) සවස 2.00න් පසු සබරගමුව, මධ්‍යම, දකුණ ඌව, බස්නාහිර හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 තරම් වූ වැසි ඇතිවිය හැකි බවද ඇය සඳහන් කරන අතර පොදුවේ දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට සවස් කාලයේ ප්‍රබල අකුණු සහිතවැසි ඇතිවිය හැකි බවද පවසයි.
ඊයේ (17දා) උදෑසන 8.30ට අවසන්වූ පැය 24ක කාලය තුළ උපරිම වර්ෂාපතනය වූ මිලිමීටර් 105.8ක ප්‍රමාණය හංවැල්ල ප්‍ර‘දේශයෙන් වාර්තා වී තිබේ.
මේ අතර දහවල් කාලයේදී වවුනියාව, යාපනය යන ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 03කින් හා බදුල්ල, මඩකලපුව, කුරුණෑගල, මහඉලුප්පල්ලම, නුවරඑළිය, පුත්තලම, රත්මලාන ප්‍ර‘දේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02ක ඉහළ ගොස් තිබූ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය පැය 24ක කාලය තුළ උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37.5ක ප්‍රමාණය වවුනියාව ප්‍ර‘දේශයෙන් හා අවම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 12.6ක ප්‍රමාණය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

